Ultimate magazine theme for WordPress.

ඉන්දියාව ජයග්‍රහනයට ලකුණු 309ක් පිටුපසින්

Day 4 Report

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අද(10) නිමා වුණා.

ඒ වන විට ලකුණු 407ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි ඉන්දියාව සිය දෙවන ඉනිම සදහා කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 98ක්.

රෝහිට් ෂර්මා ලකුණු 52ක් සහ ෂුබ්මන් ගිල් ලකුණු 31ක් රැස් කළ අතර, ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 71ක්.

පන්දු යැවීමේ දී ජොෂ් හෙසල්වුඩ් සහ පැට් කමින්ස් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

සිඩ්නිහී දී පැවැත්වෙන තරගය අද දිනට ආරම්භ කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව ඉනිම අත්හිටුවීමට පියවර ගත්තේ කඩුලු 6ක් දැවී ලකුණු 312ක් ලබා සිටියදීයි.

ස්ටීවන් ස්මිත් ලකුණු 81ක් සහ මර්නස් ලබුෂේන් ලකුණු 73ක් රැස් කරමින් ඔස්ට්‍රේලියානු ඉනිම ශක්තිමත් කළා.

කැමරන් ග්‍රීන් ලකුණු 84යි.

පන්දු යැවීමේ දී නව්දීප් සයිනි සහ රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලකුණු 338ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස ඉන්දියාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 244ක්.

ඒ අනුව තරගය ජය ගැනීම සදහා ඉන්දියාව හෙට දිනයේ දී තවත් ලකුණු 309ක් ලබා ගත යුතුයි.

Leave a comment