Ultimate magazine theme for WordPress.

“ඉන්දියාවේ IPL නැහැ” – ගංගුලි කියයි, පළමු තැන ශ්‍රී ලංකාවට

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඉන්දියාව තුළ පැවැත්වීමේ හැකියාවක් නොමැති බවට එරට ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි ඉගි පල කර තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ කොරෝනා වසංගත තත්ත්වය මෙම වසර අවසානය හෝ ලබන වසර මුල දක්වා ඉන්දියාවට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි.

ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන මයාන්ක් අගාර්වල් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.

කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා සුදුසු එන්නතක් සොයා ගන්නා තුරු ප්‍රවේශම් වීම වැදගත් බවයි ගංගුලි පෙන්වා දෙන්නේ.

මීට පෙර මෙවර අයි.පී.එල් තරගාවලියේ සත්කාරකත්වය සදහා ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඉදිරිපත්ව සිටි අතර මේ වන විට නවසීලන්තය ද තරගාවලියේ සත්කාරකත්වය දැරීමට කැමැත්ත පල කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ශ්‍රී ලංකාව තවදුරටත් මෙවර අයි.පී.එල් තරගාවලියේ සත්කාරකත්වය දැරීම සදහා ඉදිරියෙන්ම පසුවන බවයි.

 

Leave a comment