Ultimate magazine theme for WordPress.

ඉන්දියාවේ ප්‍රසාද ලකුණු දෙකක් කපා හරියි

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉන්දියාව අභිබවා තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට පාකිස්තානය සමත්ව තිබෙනවා.

ඒ, ඉන්දීය කණ්ඩායමට හිමි ප්‍රසාද ලකුණු දෙකක් කපා හැරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගැනීම හේතුවෙන්.

එංගලන්තය සමග ඊයේ(5) නිමා වූ පස්වැනි ටෙස්ට් තරගයේ දී නියමිත කාලය තුළ දී යැවිය යුතු පන්දුවාර සංඛ්‍යාවට වඩා ඔවුන් පන්දුවාර දෙකක් පිටුපසින් පසු වීම හේතුවෙනුයි එලෙස ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙන් ඉන්දියාවට හිමි ප්‍රසාද ලකුණු දෙකක් කපා හැරීමට පියවර ගෙන ඇත්තේ.

ඊට අමතරව ඉන්දීය ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 40% ක දඩ මුදලක් ද නියම කර තිබෙනවා.

මේ වන විට ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ඉන්දියාව සිව්වැනි ස්ථානයේ රැදී සිටිනවා.

එහි පෙරමුණ ඔස්ට්‍රේලියාවට හිමිව ඇති අතර, ශ්‍රී ලංකාව රැදී සිටින්නේ 6 වැනි ස්ථානයේයි.

Leave a comment