Ultimate magazine theme for WordPress.

ඉන්දියාවෙන් 20යි 20ට සංචිත දෙකක් ; අර්ෂ්දීප් එක්දින සංචිතයට

එංගලන්ත තරග සංචාරයට අයත් සීමිත පන්දුවාර තරගාවලි වෙනුවෙන් වන ඉන්දීය සංචිත අද(30) රාත්‍රියේ දී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිවේදනය කළා.

මෙම තරග සංචාරය යටතේ පැවැත්වෙන ටෙස්ට් තරගය හෙට(1) ආරම්භ වන අතර, අනතුරුව දෙරට අතර 20යි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වී සිටින නායක රෝහිට් ෂර්මා සීමිත පන්දුවාර තරගවලදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමට නියමිත බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ.

20යි 20 තරගාවලිය සදහා සංචිත දෙකක් නම් කර තිබීම විශේෂත්වයක්. ඒ අනුව ජූලි 7 වැනිදා පැවැත්වීමට නියමිත පළමු 20යි 20 තරගය සදහා එක් සංචිතයක් ද, සෙසු 20යි 20 තරග දෙක සදහා තවත් සංචිතයක් ද නම් කර තිබෙනවා.

ටෙස්ට් සංචිතයේ සිටින විරාට් කෝලි, ජස්ප්‍රිට් බුම්රා, රවීන්ද්‍ර ජඩේජා, ෂ්රෙයස් අයියර් හා රිෂාබ් පාන්ට් පළමු 20යි 20 තරගයෙන් විවේක ගන්වා තිබෙනවා.

අයි.පී.එල් තරගාවලියේ දී දක්ෂතා දැක් වූ අර්ෂ්දීප් සිං එක්දින සංචිතය සදහා නම් කර තිබීම ද විශේෂත්වයක්.

ජූලි 7 වැනිදා සවුත්හැම්ටන් හී දී ආරම්භ වන 20යි 20 තරගාවලියේ දෙවැනි හා තෙවැනි තරග පිළිවෙලින් ජූලි 9 හා 10 වැනිදා පැවැත්වීමට නියමිතයි.

එක්දින තරග 3 පැවැත්වෙන්නේ ජූලි 12, 14 හා 17 යන දිනවලදීයි.

මෙම සීමිත පන්දුවාර තරග සදහා ජොස් බට්ලර්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත සංචිත හෙට(1) නිවේදනය කිරීමට නියමිතයි.

ඉන්දීය සංචිත –

India’s squad for 1st T20I:

Rohit Sharma (C), Ishan Kishan, Ruturaj Gaekwad, Sanju Samson, Suryakumar Yadav, Deepak Hooda, Rahul Tripathi, Dinesh Karthik (wk), Hardik Pandya, Venkatesh Iyer, Yuzvendra Chahal, Axar Patel, Ravi Bishnoi, Bhuvneshwar Kumar, Harshal Patel, Avesh Khan, Arshdeep Singh, Umran Malik

India’s squad for 2nd and 3rd T20I:

Rohit Sharma (C), Ishan Kishan, Virat Kohli, Suryakumar Yadav, Deepak Hooda, Shreyas Iyer, Dinesh Karthik (wk), Rishabh Pant (wk), Hardik Pandya, Ravindra Jadeja, Yuzvendra Chahal, Axar Patel, Ravi Bishnoi, Jasprit Bumrah, Bhuvneshwar Kumar, Avesh Khan, Harshal Patel, Umran Malik

India’s squad for 3 ODIs:

Rohit Sharma (C), Shikhar Dhawan, Ishan Kishan, Virat Kohli, Suryakumar Yadav, Shreyas Iyer, Rishabh Pant (wk), Hardik Pandya, Ravindra Jadeja, Shardul Thakur, Yuzvendra Chahal, Axar Patel, J Bumrah, Prasidh Krishna, Mohd Shami, Mohd Siraj, Arshdeep Singh

Leave a comment