Ultimate magazine theme for WordPress.

ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියට ශකිබ් කැදවයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා.

ටමිම් ඉක්බාල්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

ශකිබ් අල් හසාන් යළි එක්දින සංචිතයට නම් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ. බංග්ලාදේශ කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කළ එක්දින තරගාවලිය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අගෝස්තු මාසයේ දී පැවැති අතර, එම සංචාරය සදහා ශකිබ් පෞද්ගලික හේතුවක් මත එක් වූයේ නැහැ.

පිතිකරු යසීර් අලී ද යළි එක්දින සංචිතයට නම් කර ඇති අතර, වේග පන්දු යවන ක්‍රීඩක එබඩොට් හොසේන් සංචිතයේ සිය ස්ථානය රැක ගෙන තිබෙනවා.

මොසඩැක් හොසේන්, ශොරිෆුල් ඉස්ලාම් හා ටයිජුල් ඉස්ලාම් යන ක්‍රීඩකයින්ට සංචිතයේ ස්ථාන අහිමි වී තිබෙනවා.

බංග්ලාදේශය හා ඉන්දියාව අතර පළමු එක්දින තරගය දෙසැම්බර් 4 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Bangladesh squad:

Tamim Iqbal (c), Litton Das, Anamul Haque, Shakib Al Hasan, Mushfiqur Rahim, Afif Hossain, Yasir Ali, Mehidy Hasan, Mustafizur Rahman, Taskin Ahmed, Hasan Mahmud, Ebadot Hossain, Nasum Ahmed, Mahmudullah, Najmul Hossain Shanto and Nurul Hasan Sohan.

Show Comments (1)