Ultimate magazine theme for WordPress.

ඉන්දියාවට හා එංගලන්තයට අයි.සී.සීයෙන් දඩ; ප්‍රසාද ලකුණුත් කපා හරියි

ඉන්දීය කණ්ඩායමට හා එංගලන්ත කණ්ඩායමට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දඩ නියම කර තිබෙනවා.

ඒ, පසුගියදා දෙරට අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී පන්දුවාර යැවීමේ වේගය නිසි පරිදි පවත්වා නොගැනීම හේතුවෙන්.

ඒ අනුව කණ්ඩායම් දෙකටම තරග ගාස්තුවෙන් 40%ක දඩ මුදලක් පැනවීමටයි තරග තීරකවරයා ලෙස කටයුතු කළ ක්‍රිස් බ්‍රෝඩ් පියවර ගෙන ඇත්තේ.

ඊට අමතරව මෙම වරද හේතුවෙන් අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙන් ප්‍රසාද ලකුණු දෙක බැගින් කපා හැරීමට ද ජගත් ක්‍රිකට් කවුන්සලය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු 2 බැගින් මේ වන විට හිමිව ඇති අතර, දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට(12) ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

ICC
Leave a comment