Ultimate magazine theme for WordPress.

ඉන්ග්ලිස්ගේ පිය පදවිය නිසා ඔස්ට්‍රේලියානු අළුබදුන සංචිතයට වෙනසක්

කඩුලු රකින ක්‍රීඩකයෙකු වන Jimmy Peirson එංගලන්තයට එරෙහි අළුබදුන තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයට කැදවා තිබෙනවා.

ඒ, ජොෂ් ඉන්ග්ලිස්ට අළුබදුන සංචාරයේ කොටසක් සදහා සම්බන්ධ වීමට නොහැකි වීම හේතුවෙන්.

ලෝඩ්ස් හී දී පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගයට පෙර Jimmy Peirson සංචිතය සමග එක්වීමට නියමිතයි.

සිය බිරිද පළමු දරු උපත වෙනුවෙන් සූදානමින් පසුවන බැවින් ජොෂ් ඉන්ග්ලිස් යළි ඔස්ට්‍රේලියාවට පැමිණීමට නියමිතව සිටින බවත්, අනතුරුව යළිත් වෙනත් දිනයකදී ඔහු එංගලන්තය වෙත පැමිණිමට සූදානමින් සිටින බවත් සදහන්.

පසුගිය වසරේ පැවැති ඔස්ට්‍රේලියානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී නොදැවුණු ශතකයක් වාර්තා කිරීමට Jimmy Peirson සමත් වුණා.

කෙසේ වෙතත්, එංගලන්තයේ දී ඔහුට ටෙස්ට් වරම් දිනා ගැනීමටනම් ප්‍රධාන කඩුලු රකින ක්‍රීඩකයා වන ඇලෙක්ස් කෙරීට යම් ආබාධයක් හෝ සිදු විය යුතුයි.

ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ද ජූනි 7 වැනිදා ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර ආරම්භ වීමට නියමිත අතර, ඒ අනුව ඔස්ට්‍රේලියානු සංචිතයේ ක්‍රීඩකයින් අද(26) දිනයේ දී එංගලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.

Leave a comment