Ultimate magazine theme for WordPress.

ඉතිහාසයේ වැඩිම මිලට ක්‍රිස් මොරිස් අලෙවි වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ක්‍රීඩක වෙන්දේසියකදී ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම මිලට දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් මොරිස් අද(18) අලෙවි වුණා.

ඒ, මේ වන විට චෙන්නායිහී දී පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේ දී යි.

ඔහුව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 16.25ක මුදලකටයි මිලදී ගනු ලැබුවේ.

මීට පෙර වැඩිම මිලකට ක්‍රීඩකයෙකු අලෙවි වී තිබුණේ 2015 වසරේ දී යි.

එම වසරේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් යුවරාජ් සිං ඉන්දීය රුපියල් කෝටි 16කට මිලදී ගෙන තිබුණා.

එමෙන්ම කෝටි 15.50 මිලකට 2020 වසර සදහා වන අයි.පී.එල් තරගාවලියට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් පැට් කමින්ස් මිලදී ගෙන තිබුණා.

Leave a comment