Ultimate magazine theme for WordPress.

ඇෆ්ඝනිස්තාන හා බංග්ලාදේශ ප්‍රේක්ෂකයින්ට සුබ ආරංචියක්

බංග්ලාදේශ තරග සංචාරයක නිරතව සිටින ඇෆ්ඝනිස්තාන සංචිතයේ සියලු සාමාජිකයින්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව මේ වන විට අනාවරණය වී තිබෙනවා.

මීට පෙර මාධ්‍ය වාර්තා පලව තිබුණේ ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයින් 8 දෙනෙකු හා කාර්යය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවටයි.

ඒ හේතුවෙන් බංග්ලාදේශයට එරෙහි එක්දින හා 20යි 20 තරගාවලි ද අවධානමකට ලක්ව තිබුණා.

කෙසේ වෙතත්, සියලු සාමාජිකයින්ට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වීමත් සමග ඔවුන් හෙට(17) දිනයේ දී පුහුණු තරගයකට ද මුහුණ දීමට නියමිතව තිබෙනවා.

සාමාජිකයින් 22 දෙනෙකුගෙන් යුත් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම පසුගිය 12 වනදා ඩකා නුවරට ළගා වුණා.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්ව සිටි ක්‍රීඩකයින් තිදෙනෙකු පසුව කණ්ඩායම හා එක් වූ අතර, මේ වන විට පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට එක්ව සිටින රෂීඩ් ඛාන් හා මොහොමඩ් නබී ඉදිරියේ දී කණ්ඩායම හා එක්වීමට නියමිතයි.

මෙම තරග සංචාරයේ දී බංග්ලාදේශය හා ඇෆ්ඝනිස්තානය අතර තරග 3කින් යුත් එක්දින තරගාවලියක් හා තරග 2කින් යුත් 20යි 20 තරගාවලියක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පළමු එක්දින තරගය පැවැත්වෙන්නේ එළඹෙන 23 වනදායි.

Leave a comment