Ultimate magazine theme for WordPress.

ඇෆ්ඝනිස්තාන වැඩබලන පුහුණුකරු ලෙස ස්ටුවර්ට් ලෝ පත් කෙරේ

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන ප්‍රධාන පුහුණුකරු ලෙස ස්ටුවර්ට් ලෝ පත් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු හිටපු මැදපෙල පිතිකරුවෙකු වූ ඔහු මේ වන විට බංග්ලාදේශයේ චිතගොං නුවර වෙත ළගා වී ඇත්තේ ඇෆ්ඝනිස්තානය හා බංග්ලාදේශය අතර ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත සීමිත පන්දුවාර තරග සදහා එක්වීමේ අරමුණින්.

මීට පෙර දකුණු අප්‍රිකාවේ ලාන්ස් ක්ලූස්නර් ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ නමුත්, ඔහුගේ කොන්ත්‍රාත්තුව පසුගිය දෙසැම්බර් 31 වනදායින් අවසන් වුණා.

53 හැවිරිදි ස්ටුවර්ට් ලෝ මීට පෙර ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙසත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙසත්, බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත් කටයුතු කර තිබුණා.

Leave a comment