Ultimate magazine theme for WordPress.

ඇෆ්ඝනිස්තාන යොවුන් කණ්ඩායමේ වීසා ගැටලුව විසදෙයි

ඇෆ්ඝනිස්තාන යොවුන් ක්‍රිකට් කණ්ඩායම මුහුණ දී තිබූ වීසා ගැටලුව විසදා ගැනීමට බළධාරීන් මේ වන විට සමත්ව තිබෙනවා.

ඒ අනුව ඇෆ්ඝනිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හෙට(12) මෙවර යොවුන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් දූපත් වෙත පිටත්ව යන බවයි ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ලබන 14 වැනිදා යොවුන් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වන අතර, ඇෆ්ඝනිස්තානයේ සහභාගීත්වය පිළිබද මෙතෙක් අවිනිශ්චිතතාවයක් හට ගෙන තිබුණේ වීසා ගැටලුවක් හේතුවෙන් ඔවුන්ට මෙතෙක් කොදෙව් දේශය වෙත පිටත්වීමට නොහැකි වූ බැවින්.

ඒ හේතුවෙන් ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ පුහුණු තරග ද අවලංගු කළ බව ජගත් ක්‍රිකට් කවුන්සලය මීට පෙර නිවේදනය කළා.

Leave a comment