Ultimate magazine theme for WordPress.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අරමුණින් ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ක්‍රීඩකයින් රැසක් ඊයේ (23) රාත්‍රී කාලයේ දී ශ්‍රී ලංකාව වෙත පැමිණියා.

එක්දින තරගාවලිය ආරම්භ වීමට පෙර ඔවුන් මෙරට දී සතියක පුහුණු කදවුරකට එක්වීමට නියමිත බවයි ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

හෂ්මටුල්ලාහ් ශහිඩිගේ නායකත්වයෙන් යුත් ඇෆ්ඝනිස්තාන සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ගුජරාට් ටයිටන්ස්  කණ්ඩායම නියෝජනය කරන රෂීඩ් ඛාන් හා නූර් අහ්මඩ් ද සංචිතයට ඇතුළත්ව ඇතත්, ඔවුන් දෙදෙනා අයි.පි.එල් තරගාවලිය යටතේ ටයිටන්ස් කණ්ඩායම ක්‍රීඩා කරන සියලු තරග අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාව වෙත පැමිණෙනු ඇති.

ශ්‍රී ලංකාව සමග පසුගිය නොවැම්බර් මාසයේ පැවැති එක්දින තරගාවලිය සදහා වූ සංචිතයට ඇතුළත් වූ ගුල්බදීන් නයිබ්, ශහිදුල්ලාහ් කමාල්, යමින් අහ්මඩ්සායි හා රහ්මන් අක්බාර් අතිරේක ක්‍රීඩකයින් ලෙස මෙවර නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරයේ දී දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින තරගාවලියේ සියලු තරග දිවා තරග ලෙස හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

ජූනි දෙවැනිදා පළමු එක්දින තරගය ද, ජූනි 4 වැනිදා දෙවැනි එක්දින තරගය ද, ජූනි 7 වැනිදා අවසන් එක්දින තරගය ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Afghanistan Squad for Sri Lanka Series:

Hashmatullah Shahidi (C), Rahmat Shah (VC), Rahmanullah Gurbaz (WK), Ibrahim Zadran, Riaz Hassan, Najibullah Zadran, Mohammad Nabi, Ikram Alikhail (WK), Azmatullah Omarzai, Rashid Khan, Mujib ur Rahman, Noor Ahmad, Abdul Rahman, Fazal Haq Farooqi, Farid Ahmad Malik.

Reserve players :

Gulbadain Naib, Shahidullah Kamal, Yamin Ahmadzai, Zia ur Rahman Akbar

Leave a comment