Ultimate magazine theme for WordPress.

ඇෆ්ඝනිස්තානය 20යි 20 පහේ සිය පළමු ජය ලබයි

Match Report

අයර්ලන්තය සමග පැවැති තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 22 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් 20යි 20 තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට සංචාරක ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමත් වුණා.

කෙසේ වෙතත්, තරග 2-1 ක් ලෙස මේ වන විට තරගාවලියේ පෙරමුණ ගෙන සිටින්නේ අයර්ලන්තයයි.

Belfast හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය කඩුලු 5 ක් දැවී ලකුණු 189 ක් ලබා ගත්තා.

රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 53 ක්, නජිබුල්ලාහ් සඩ්රාන් ලකුණු 42 ක් හා හස්රටුල්ලාහ් සසායි ලකුණු 39 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ජොෂ් ලිට්ල් ලකුණු 29 කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තයට පන්දුවාර 20 නිමා කිරීමට සිදු වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 167 ක් ලබා ගනිමින්.

George Dockrell නොදැවී ලකුණු 58 ක් හා Fionn Hand ලකුණු 36 ක් රැස් කළා. Lorcan Tucker ලකුණු 31 යි.

පන්දු යැවීමේ දී නවීන් උල් හක් කඩුලු 3 ක් දවා ගත් අතර, Fazalhaq Farooqi හා මුජිබ් උර් රහ්මාන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

Leave a comment