Ultimate magazine theme for WordPress.

ඇෆ්ඝනිස්තානයට දරුණු පරාජයක් – දින දෙකෙන් තරගය අවසන්

ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් වාර්තා කරමින් දින දෙකක් තුළ තරගය නිමා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද(3) සමත් වුණා.

අබුඩාබි හී දී පැවැති තරගය ජය ගැනීම සදහා සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 17ක ඉලක්කයක් හිමි වූ අතර, එම ඉලක්කය පසු කර යාමට ඔවුන් සමත් වුණේ කිසිදු කඩුල්ලක් නොදැවී සිටියදීයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය සියලු දෙනා දැවී ලකුණු 131ක් රැස් කළා.

පිළිතුරු ලෙස සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 250ක්.

නායක ශෝන් විලියම්ස් ලකුණු 105ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළා.

අනතුරුව සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 135ක් පමණයි.

Leave a comment