Ultimate magazine theme for WordPress.

ඇයි ධනුෂ්ක ඔස්ට්‍රේලියාවේ හිටියේ ? ක්‍රිකට් ආයතනයෙන් තවත් නිවේදනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔහු ආබාධයකට ලක්ව සිටියදීත් ඔස්ට්‍රේලියාවේ රැදී සිටියේ කුමන හේතුවක් මතදැයි පැහැදිලි කරමිනුයි ක්‍රිකට් ආයතනය මෙම නි‍වේදනය නිකුත් කර ඇත්තේ.

ධනුෂ්ක ගුණතිලක මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර දී පාදයක ආබාධයකට ලක් වූ අතර, ඔහු වෙනුවට අශේන් බණ්ඩාර සංචිතයට ආදේශ කිරීමට පියවර ගැනුණා.

කෙසේ වෙතත්, ධනුෂ්කව මෙරටට නොයවා තවදුරටත් සංචිතය සමග රදවා ගැනීමටයි කණ්ඩායම් කළමණාකාරීත්වය පියවර ගෙන තිබුණේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේ ඔහු අමතර ක්‍රීඩකයෙකු ලෙස (stand-by player) සංචිතයේ රදවා ගැනීමට කණ්ඩායම් කළමනාකාරීත්වය විසින් තීරණය කර තිබූ බවයි.

ගුණතිලකගේ ආබාධ තත්ත්වය ඉක්මණින් සුව අතට පත් වෙමින් තිබූ බැවින් වෛද්‍යවරුන් සහ තේරීම් කමිටු නිලධාරීන් සමඟ සාකච්ඡා කර කණ්ඩායම් කළමණාකාරීත්වය විසින් එම තීරණය ගෙන තිබූ බවයි ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ.

ධනුෂ්ක ගුණතිලක ඒ වන විටත් ඕස්ට්‍රේලියාවේ දේශගුණික තත්ත්වයන්ට හුරුවී සිටීම ද පදනම් කර ගනිමින් කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් සමග පුහුණුවීම් කටයුතු සිදු කිරීම සදහා අවස්ථාව ලබා දෙමින් ඔහුව කණ්ඩායම සමග එරට රදවා ගෙන තිබෙනවා.

අවශ්‍යතාවයක් ඇති වුවහොත් ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් අවසන් සංචිතයට ඔහුව කඩිනමින් ඇතුළත් කිරීමේ අරමුණිනුයි එම පියවර ගෙන ඇත්තේ.

සිඩ්නි නුවරදී කාන්තාවකට අතවර කිරීමේ චෝදනාව මත ඔහු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව හෙට (7) දිනයේ දී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a comment