Ultimate magazine theme for WordPress.

ඇඩම් මිල්න් පන්දු සියයෙන් ඉවතට

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ඇඩම් මිල්න්ට මේ දිනවල එංගලන්තයේ පැවැත්වෙන The Hundred හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඒ, ඔහුගේ පාදයක ඇතිව තිබෙන ආබාධ තත්ත්වයක් හේතුවෙන්.

ඒ අනුව Birmingham Phoenix කණ්ඩායම විසින් සිය සංචිතය සදහා ඔහු වෙනුවට විදෙස් ක්‍රීඩකයෙකු ලෙස ඔස්ට්‍රේලියාවේ Ben Dwarshuis සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

The Hundred තරගාවලියේ පළමු අදියරේ දී කඩුලු 12 ක් දවා ගනිමින් තරගාවලියේ සම වැඩිම කඩුලුලාභියා බවට පත් වූයේ ඇඩම් මිල්න්.

ඔහු අවසන් වරට තරගයක් සදහා ක්‍රීඩා කර ඇත්තේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පසුගිය මාර්තු මාසයේ පැවැති තරගයකදීයි.

එම තරගාවලියේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ ඔහු, මෙවර තරගාවලියේ දී මුහුණ දුන් පළමු තරගයේ දී ම පාදයක ආබාධයකට ලක් වුණා.

ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සම්බන්ධ වීමේ අවස්ථාව උදා වූයේ ද ඔහුට සිදු වූ එම ආබාධය හේතුවෙන්.

ආබාධයක් හේතුවෙන් ඇඩම් මිල්න්ට නවසීලන්ත කණ්ඩායම මෑතකදී නිමා කළ යුරෝපා තරග සංචාරයෙන් ද ඉවත් වීමට සිදු වුණා.

Leave a comment