Ultimate magazine theme for WordPress.

ආසියානු කුසලානය ගැන අවසන් තීන්දුවට දින නියම වෙයි

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය ලබන 9 වනදා ගැනීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, එදින පැවැත්වීට නියමිත ආසියානු ක්‍රිකට් කවුන්සල රැස්වීමේ දී යි.

දුරකතන තාක්ෂණය ඔස්සේ මෙම රැස්වීම සංවිධාන කර ඇති බව සදහන්.

තරගාවලිය මෙම වසරේ දී නියමිත පරිදි පවත්වන්නේ නම් එය පවත්වන්නේ කුමන රටකද යන්න සම්බන්ධයෙන් වන අවසන් තීරණය ද මෙම රැස්වීමේ ගැනීමට නියමිතයි.

පසුගිය ආසියානු ක්‍රිකට් කවුන්සල රැස්වීමේ දී අදාළ තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබුණා.

ඒ, මෙවර ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දැරීමට නියමිතව සිටි පාකිස්තානය විසින් පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් එය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කැමැත්ත පල කිරීමත් සමගයි.

Leave a comment