Ultimate magazine theme for WordPress.

ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට කටයුතු කරනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.

තරගාවලිය පාකිස්තානයේ දී පැවැත්වීමට යෝජිතව තිබුණ ද පවතින සියලු තත්ත්වයන් සලකා බැලීමෙන් පසුව පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් අදාළ තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සදහා අවස්ථාව ලබා දීමට එකගතාවය පල කර ඇති බව සදහන්.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ සදුදා (8) පැවැති ආසියානු ක්‍රිකට් කවුන්සල රැස්වීමේ දී මෙම එකගතාවයට එළඹ ඇති අතර, ඒ අනුව අදාළ තරගාවලිය ලබන සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත්, මේ වන විට පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සදහා මෙරට රජයේ අනුමැතිය ද ලබා ගැනීමට සිදු වනු ඇති.

අගෝස්තු මාසයේ දී ලන්කන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සදහා ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට අපේක්ෂාවෙන් පසුවන අතර, ඒ සදහා ද 70%ක පමණ රජයේ අනුමැතිය හිමිව තිබෙනවා.

Leave a comment