Ultimate magazine theme for WordPress.

ආරාධිත T20 තරගාවලියේ සංචිත මෙන්න

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ එළැඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සහ 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම් වීමේ එක් පියවරක් ලෙස පැවැත්වීමට නියමිත ආරාධිත 20යි 20 ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් හතරට අදාළ ක්‍රීඩකයින් මේ වන විට නම් කර ඇති බව වාර්තා වනවා.

මෙම තරගාවලිය, ජාතික සහ පළමු පෙළ නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා නිවේදනය කළේ.

අගෝස්තු 12 වැනිදා ආරම්භ වීමට නියමිත තරගාවලියේ සියළු තරග කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් මහනුවර පල්ලකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

නිල් (Blues), රතු (Reds) , කොළ (Greens) සහ අළු (Greys) වශයෙන් එම කණ්ඩායම් 4 නම් කර තිබෙනවා.

දසුන් ශානක, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල් හා අශාන් ප්‍රියන්ජන් අදාළ කණ්ඩායම්වල නායකත්වය දැරීමට නියමිතව ඇති බවට ද වාර්තා වුණා.

ක්‍රීඩා මාධ්‍යවේදී ධනුෂ්ක අරවින්ද මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අදාළ කණ්ඩායම්වල සංචිත පිළිබද තොරතුරු අද(4) වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නැහැ.

ඒ අනුව දසුන් ශානක නායකත්වය දරන කණ්ඩායමට අදාළ සංචිතය මෙලෙස නම් කර ඇති බව සදහන්.

Minod Bhanuka, Lasith Croospulle, Charith Asalanka, Bhanuka Rajapakse, Nuwanindu Fernando, Dasun Shanaka (Captain), Chathuranga de Silva, Udith Madushan, Dushmantha Chameera, Nuwan Pradeep, Pulina Tharanga, Ashen Daniel, Duvindu Tillakaratne, Chamika Gunasekera.

ධනංජය ද සිල්වා නායකත්වය දරන සංචිතය –

Nishan Madushka, Sadeera Samarawickrama, Dhananjaya de Silva (Captain), Angelo Perera, Ashen Bandara, Wanindu Hasaranga, Sahan Arachchige, Lahiru Samarakoon, Dananjaya Lakshan, Suranga Lakmal, Kalana Perera, Dilshan Madushanka, Shiran Fernando, Praveen Jayawickrema, Mahesh Theekshana.

දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන සංචිතය –

Avishka Fernando, Nipun Dananjaya, Kusal Janith, Dinesh Chandimal (Captain), Oshada Fernando, Asela Gunaratne, Lasith Abeyratne, Seekkuge Prasanna, Chamika Karunaratne, Binura Fernando, Mohamed Shiraz, Asitha Fernando, Himesh Ramanayake, Nimesh Vimukthi, Akila Dananjaya.

අශාන් ප්‍රියන්ජන් නායකත්වය දරන සංචිතය –

Lahiru Udara, Mahela Udawatta, Kamil Mishara, Pathum Nissanka, Ashan Priyanjan (Captain), Kamindu Mendis, Sammu Ashan, Ramesh Mendis, Suminda Lakshan, Ishan Jayaratne, Lahiru Kumara, Vishwa Fernando, Nuwan Thushara, Lasith Embuldeniya, Lakshan Sandakan.

දිමුත් කරුණාරත්න, ඇන්ජෙලෝ මැතිව්ස් හා ළහිරු තිරිමාන්න මෙම කිසිදු සංචිතයකට ඇතුළත්ව නැහැ.

රොෂේන් සිල්වා, සදුන් වීරක්කොඩි, කසුන් රාජිත, ළහිරු මදුෂංක හා සංගීත් කුරේ අමතර ක්‍රීඩකයින් ලෙස නම් කර තිබෙනවා.

මෙම තරගාවලියේ මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම තරග 6 කට ක්‍රීඩා කරන අතර ප්‍රසාද ලකුණු සටහනේ ඉහළම ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් අගෝස්තු 24 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයට සුසුදුකම් ලබනු ඇති.

තරගාවලියේ සියළුම තරග ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පැවැත්වෙනවා.

සෑම දිනකම තරග 2 බැගින් පැවැත්වෙන බව ද සදහන්.

පළමු තරගය ප.ව. 2.30 ට ආරම්භ වන අතර අනෙක් තරගය රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතයි.

Leave a comment