Ultimate magazine theme for WordPress.

ආරාධිත T 20 තරගාවලියේ තරග කාලසටහන නිකුත් වෙයි; ප්‍රබලයින් තිදෙනෙකුට විවේකයක්

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ එළැඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සහ 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම් වීමේ එක් පියවරක් ලෙස පැවැත්වීමට නියමිත ආරාධිත 20යි 20 ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් හතරට අදාළ සංචිත හා තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(4)  නිවේදනය කළා.

අගෝස්තු 12 වැනිදා ආරම්භ වීමට නියමිත තරගාවලියේ සියළු තරග මහනුවර පල්ලකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

නිල් (Blues), රතු (Reds) , කොළ (Greens) සහ අළු (Greys) වශයෙන් තරගාවලියට එක් වන කණ්ඩායම් 4 නම් කර තිබෙනවා.

දසුන් ශානක (Greys), ධනංජය ද සිල්වා (Blues), දිනේෂ් චන්දිමාල් (Reds) හා අශාන් ප්‍රියන්ජන් (Greens) අදාළ කණ්ඩායම්වල නායකත්වය දැරීමට නියමිතයි.

SLC Blues සංචිතය –
Nishan Madushka (WK), Dhananjaya De Silva ©, Ashen Bandara, Sahan Arachchige, Suranga Lakmal, Praveen Jayawickrama, Sadeera Samarawickrama (WK), Himasha Liyanage, Angelo Perera (VC), Lahiru Samarakoon, Kalana Perera, Mahesh Theekshana, Hashan Randika, Pawan Ratnayake, Dhananjaya Lakshan, Dilshan Madushanka, Sachindu Colombage, Shiran Fernando

SLC Greens සංචිතය – 
Lahiru Udara (WK), Kamil Mishara (WK), Ashan Priyanjan ©, Ramesh Mendis, Lahiru Kumara, Lasith Embuldeniya, Mahela Udawatte, Pathum Nissanka, Kamindu Mendis (VC), Suminda Lakshan, Vishwa Fernando, Lakshan Sandakan, Krishan Sanjula, Saminda Fernando, Sammu Ashan, Ishan Jayaratne, Nuwan Thushara,
Lahiru Gamage

SLC Reds සංචිතය –
Avishka Fernando (VC), Dinesh Chandimal (WK) ©, Asela Gunaratne, Seekkuge Prasanna, Binura Fernando, Nimesh Vimukthi, Nipun Dananjaya, Oshada Fernando, Lasith Abeyratne, Chamika Karunaratne, Mohomed Shiraz, Akila Dananjaya, Sandun Weerakkody, Muditha Lakshan, Jehan Daniel, Asitha Fernando, Santhush Gunathilake, Himesh Ramanayake

SLC Greys සංචිතය – 
Minod Bhanuka (WK), Charith Asalanka (VC), Nuwanindu Fernando, Chathuranga De Silva, Udith Madushan, Pulina Tharanga, Lasith Croospulle, Bhanuka Rajapakse, Dasun Shanaka ©, Lahiru Madushanka, Nuwan Pradeep, Ashen Daniel, Sangeeth Cooray, Milinda Siriwardana, Chamika Gunasekara, Prabath Jayasuriya, Koshan Jayawickrama, Matheesha Pathirana

දිමුත් කරුණාරත්න, ඇන්ජෙලෝ මැතිව්ස් හා ළහිරු තිරිමාන්න මෙම කිසිදු සංචිතයකට ඇතුළත්ව නැහැ.

එමෙන්ම වනිදු හසරංග, දුෂ්මන්ත චමීර හා කුසල් ජනිත් පෙරේරා මෙම තරගාවලියෙන් විවේක ගන්වා තිබෙනවා.

මෙම තරගාවලියේ මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම තරග 6 කට ක්‍රීඩා කරන අතර ප්‍රසාද ලකුණු සටහනේ ඉහළම ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් අගෝස්තු 24 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයට සුසුදුකම් ලබනු ඇති.

තරගාවලියේ සියළුම තරග ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පැවැත්වෙන බවත්, සෑම දිනකම තරග 2 බැගින් පැවැත්වෙන බවත් ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

පළමු තරගය ප.ව. 2.30 ට ආරම්භ වන අතර අනෙක් තරගය රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතයි.

තරග කාලසටහන –

SLC
Leave a comment