Ultimate magazine theme for WordPress.

අෆ්රිඩි PSL පිටියට ආයුබෝවන් කියයි

පාකිස්තාන හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ශහිඩ් අෆ්රිඩි පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

පිට කොන්ද ආශ්‍රිත ප්‍රදේශයේ පවතින ආබාධයක් හේතුවෙන් ඔහු මෙවර තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා නොකිරීමටයි තීරණය කර ඇත්තේ.

මෙවර තරග වාරයේ දී 41 හැවිරිදි ඔහු ක්වෙට්ටා ග්ලැඩියේර්ස් කණ්ඩායම නියෝජනය කළා.

පසුගිය 12 වනදා ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ තරගය ඔහු පාකිස්තාන සුපර් ලීග් පිටියේ දී ක්‍රීඩා කළ අවසන් තරගය වනු ඇති.

එම තරගයේ දී අෆ්රිඩි ලකුණු 27කට කඩුලු 2ක් දවා ගත්තා.

පුහුණුවීම් අතරතුර දී පිට කොන්දේ ආබාධයකට ලක්වීම හේතුවෙනුත්, අනතුරුව කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙනුත්, අෆ්රිඩිට මෙවර තරග වාරයේ පළමු තරග කිහිපයද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

Leave a comment