Ultimate magazine theme for WordPress.

අවසන් වටයට සුදුසුකම් ලැබීමට මුම්බායි පිලට හාස්‍යජනක ඉලක්කයක්

2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග පැවැත්වෙන අවසන් දිනය අදයි(8).

අද දිනයේ දී තරගාවලියේ 55 වන හා 56 වන තරග පැවැත්වීමට නියමිතයි. එම තරග දෙකම එකම වේලාවකදී ආරම්භ වීම විශේෂත්වයක්.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් හා සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම් අතර තරගය අබුඩාබිහී දී ද, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් අතර තරගය ඩුබායිහී දී ද අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

අයි.පී.එල් ඉතිහාසයේ එකම වේලාවකදී තරග දෙකක් ආරම්භ වන පළමු අවස්ථාව මෙයයි.

මේ වන විට රාජස්ථාන් රෝයල්ස්, පංජාබ් කිංග්ස් හා සන්රයිසස් හයිදරාබාද් යන කණ්ඩායම්වලට අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව නිල වශයෙන් අහිමි වී තිබෙනවා.

අවසන් වටයේ එක් ස්ථානයක් තවදුරටත් ඉතිරිව පවතින අතර, ඒ සදහා මේ වන විට තරගයක් නිර්මාණය වී ඇත්තේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතරයි.

අද තරගයෙන් මුම්බායි කණ්ඩායම ජය ගනිමින් කොල්කටා කණ්ඩායම සමග සම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවකට (ප්‍රසාද ලකුණු 14ක්) හිමිකම් කීමට සමත් වුවහොත්, දල ලකුණු ලබා ගැනිමේ වේගය මත පදනම්වයි අවසන් වටයට සුදුසුකම් ලබන අවසන් කණ්ඩායම තීරණය වන්නේ.

කෙසේ වෙතත්, මේ වන විට කොල්කටා කණ්ඩායමේ දල ලකුණු ලබා ගැනීමේ වේගය ඉහළ මට්ටමක පවතින බැවින් මුම්බායි කණ්ඩායමට අවසන් වටය සදහා සුදුසුකම් ලැබීමට පවතින අවස්ථාව ඉතා අවම මට්ටමකයි පවතින්නේ.

කොල්කටා කණ්ඩායම අභිබවා අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමටනම් අද තරගයෙන් මුම්බායි කණ්ඩායම ලකුණු 171ක දැවැන්ත ජයක් අවම වශයෙන් ලබා ගත යුතු වීම මෙහි බැරෑරුම් බව මොනවට පැහැදිලි කරනවා.

මෙහි ඇති අනෙක් විශේෂත්වයනම් මුම්බායි කණ්ඩායම කොල්කටා පිල අභිබවා දල ලකුණු ලබා ගැනීමේ වේගය අතින් ඉදිරියට යාමටනම් අනිවාර්යයෙන්ම මුම්බායි කණ්ඩායම අද තරගයේ පළමුවෙන් පන්දුවට පහර දිය යුතු වීමයි.

ඔවුන්ට අද තරගයේ දී පළමුවෙන් පන්දු යැවීමට සිදු වුවහොත් එම අවස්ථාවේ දී ම කොල්කටා කණ්ඩායම අවසන් වටයේ ස්ථානය තහවුරු කර ගනු ඇති.

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය තහවුරු කර ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්ව ඇත්තේ අවසන් වටයේ පළමු තරගයට ද සුදුසුකම් ලබා ගනිමින්.

නවතම ප්‍රසාද ලකුණු සටහන –

BCCI
Leave a comment