අවසන් මහා තරගයේ කාසියේ වාසිය පාකිස්තානයට ; කණ්ඩායම් දෙක මෙන්න
ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් ශ්රී ලංකා කණ්ඩායමට එරෙහිව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
තරගය ඩුබායි හී දී පැවැත්වෙන අතර, අද තරගය සදහා ශ්රී ලංකා කණ්ඩායම කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.
ඒ අනුව මෙම තරගාවලියේ දී ලකුණු අතරට පිවිසීමට නොහැකි වූ චරිත් අසලංක වෙනුවට ධනංජය ද සිල්වාත්, අසිත ප්රනාන්දු වෙනුවට ප්රමෝද් මදුෂාන් ද පසුගිය තරගයේ දී මෙන්ම අද තරගය සදහා ද ක්රීඩා කරනවා.
කෙසේ වෙතත්, පාකිස්තාන කණ්ඩායම සදහා අද තරගයේ දී වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.
ඒ අනුව පසුගිය තරගයේ දී විවේක ගැන් වූ ශඩාබ් ඛාන් හා නසීම් ශාහ් අද තරගය සදහා කැදවා ඇත්තේ උස්මාන් කාදීර් හා හසන් අලී වෙනුවටයි.
කණ්ඩායම් දෙක –
Sri Lanka XI :
Pathum Nissanka, Kusal Mendis(wk), Danushka Gunathilaka, Dhananjaya de Silva, Bhanuka Rajapaksa, Dasun Shanaka(c), Wanindu Hasaranga, Chamika Karunaratne, Pramod Madushan, Maheesh Theekshana, Dilshan Madushanka
Pakistan XI :
Mohammad Rizwan(wk), Babar Azam(c), Fakhar Zaman, Iftikhar Ahmed, Khushdil Shah, Mohammad Nawaz, Shadab Khan, Asif Ali, Haris Rauf, Naseem Shah, Mohammad Hasnain