Ultimate magazine theme for WordPress.

අවසන් පන්දුව නිපන්දුවක් වීමෙන් ඉන්දියාව පරදා ඔස්ට්‍රේලියාවට ජය

බෙත් මූනි නොදැවී රැස් කළ සටන්කාමී ලකුණු 125න් හා ජුලාන් ගොස්වාමි අවසන් පන්දුවේ දී යොමු කළ නිපන්දුව හේතුවෙන් සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ ‍දෙවැනි තරගයෙන්, අවසන් පන්දුවේ දී කඩුලු 5ක සුපිරි ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් වුණා.

Mackay හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ක්‍රීඩිකාවන් කඩුලු 7ක් දැවී ලකුණු 274ක් රැස් කළා.

ස්ම්රිටි මන්ධනා ලකුණු 86ක් හා Richa Ghosh ලකුණු 44ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Tahlia McGrath කඩුලු 3ක් බිද හෙලූ අතර, Sophie Molineux කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් අවසන් පන්දුවේ දී කඩුලු 5ක් දැවී ජයග්‍රහනය හිමි කර ගත්තා.

Alyssa Healy ලකුණු ලබා ගැනිමට පෙර දැවී ගිය අතර, නායිකා මැග් ලෙනින් ලකුණු 6යි. Ellyse Perry ලකුණු 2කට දැවී ගියා.

ඉනිමේ 4 වන කඩුල්ල ලකුණු 52දී බිද වැටුණු අතර, 5 වන කඩුල්ල සදහා ලකුණු 126ක සබදතාවයක් ගොඩ නැගීමට බෙත් මූනි හා Tahlia McGrath සමත් වුණා.

මූනි නොදැවී ලකුණු 125ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියාව ජයග්‍රහනය කරා රැගෙන ගියා. Tahlia McGrath ලකුණු 74යි.

ඉනිමේ අවසන් පන්දුවට තරගය ජය ගැනීම සදහා ලකුණු 3ක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියාවට අවශය වූ අතර, එම පන්දුවාරය යොමු කළේ ජුලාන් ගොස්වාමි විසින්.

නමුත්, අවසන් පන්දුව පිතිකාරිණියගේ ඉනට ඉහළින් යොමු කිරීම හේතුවෙන් නිපන්දුවක් ලෙස සටහන් කෙරුණා.

ඒ අනුව තරගයේ අවසන් පන්දුව නිදහස් පහරක් බවට පත් වූ අතර, එම පන්දුවට තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට හිමි වූ ඉලක්කය ලකුණු 2ක්.

එය ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් විසින් සපුරා ගැනීමත් සමග තරගයේ ජය ඔස්ට්‍රේලියාව සතු වුණා.

Leave a comment