Ultimate magazine theme for WordPress.

අලුබදුන තරගාවලියට ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ; කවාජාට කැදවීමක්

එංගලන්තය සමග ආරම්භ වීමට නියමිත තරග 5කින් යුත් අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතය අද(17) ප්‍රකාශයට පත් කෙරුණා.

ටිම් පේන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර, ඊට උස්මාන් කවාජා ද කැදවා තිබීම විශේෂත්වයක්.

ඔහු අවසන් වරට ටෙස්ට් තරගයක් සදහා ක්‍රීඩා කර ඇත්තේ වසර දෙකකටත් වඩා වැඩි කාලයකට පෙරයි.

ඒ අනුව අලුබදුන තරගාවලියේ දී අවසන් 11 දෙනා අතරට පිවිසීම සදහා කවාජා හා ට්‍රැවිස් හෙඩ් අතර තරගයක් නිර්මාණය වනු ඇති.

මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති පා දග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්වෙප්සන් ද සංචිතයට නම් කර තිබෙනවා.

ඩේවිඩ් වෝනර් සමගින් ඉනිම ආරම්භ කිරීම සදහා නම් කර ඇති අනෙක් පිතිකරුවා වන්නේ මාර්කස් හැරිස්.

ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනා ලෙස පැට් කමින්ස්, මිචෙල් ස්ටක් හා ජොෂ් හේසල්වුඩ් සුපුරුදු පරිදි සංචිතයට ඇතුළත්ව ඇති අතර, සංචිතයට අයත් සෙසු වේග පන්දු යවන්නන් දෙදෙනා වන්නේ මයිකල් නෙසර් හා ජයි රිචර්ඩ්සන්.

මේ අතර, ඔස්ට්‍රේලියානු A කණ්ඩායම සදහා ද ක්‍රීඩකයින් 11 දෙනෙකු නම් කිරීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

නිමා වූ පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේ වීරයා වූ මිචෙල් මාෂ් ද එම කණ්ඩායමට ඇතුළත්.

මෙම සංචිත දෙකේ ක්‍රීඩකයින් අතර සංචිත අභ්‍යන්තර පුහුණු තරගයක් දෙසැම්බර් පළමු වැනිදා සිට 3 වැනිදා දක්වා පැවැත්වීමට ද නියමිතයි.

අනතුරුව ඔස්ට්‍රේලියානු A කණ්ඩායම හා එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර සිව්දින තරගයක් ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන පළමු අලුබදුන ටෙස්ට් තරගය දෙසැම්බර් 8 වැනිදා බ්‍රිස්බේන් හි ගැබා ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Australia Test squad:

Tim Paine (C), Pat Cummins (VC), Cameron Green, Marcus Harris, Josh Hazlewood, Travis Head, Usman Khawaja, Marnus Labuschagne, Nathan Lyon, Michael Neser, Jhye Richardson, Steve Smith, Mitchell Starc, Mitchell Swepson, David Warner

Australia A players:

Sean Abbott, Ashton Agar, Scott Boland, Alex Carey, Henry Hunt, Josh Inglis, Nic Maddinson, Mitchell Marsh, Matt Renshaw, Mark Steketee, Bryce Street

Leave a comment