Ultimate magazine theme for WordPress.

අයි.පී.එල් ශ්‍රී ලංකාවේ ද? අරාබියේ ද? ඉන්දීය ක්‍රිකට් ආයතනයේ පිළිතුර මෙන්න

තාවකාලිකව අත්හිටුවා ඇති මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීම සදහා එමිරේට්ස් ක්‍රිකට් ආයතනය විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

මීට පෙර 2014 වසරේ දී ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අයි.පී.එල් තරගාවලියේ තරග 20ක් පැවැත්වීමට කටයුතු කෙරුණා.

ඒ, එම වසරේ පැවැති ඉන්දීය මහමැතිවරණය හේතුවෙන්.

කෙසේ වෙතත්, මෙම අවස්ථාවේ දී එවැනි තීරණයක් ගැනීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා නොකරන බවයි හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කර ඇත්තේ.

ජාත්‍යන්තර සංචරන සීමා හේතුවෙන් තරගාවලිය එලෙස එක්සත් අරාබියේ දී ද පැවැත්වීම සම්බන්ධයෙන් මෙම අවස්ථාවේ තීරණයක් ගත නොහැකි බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික අරුන් ධුමාල් සදහන් කර තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් ආයතනය මේ වන විට එරට තුළ ඇති ජෛව ආරක්ෂිත ක්‍රීඩාංගන හදුනා ගැනීම සදහා සොයා බලමින් සිටින බව ද සදහන්.

කෙසේ වෙතත්, ඉන්දියාව තුළ මේ වනවිට කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ රතු කලාප රැසක් පැවැතීම හේතුවෙන් එය ද දැඩි දුෂ්කර කාර්යයක් වනු ඇති.

මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද මෙරට දී අයි.පී.එල් තරගාවලිය පැවැත්වීම සදහා සූදානම් බවට ප්‍රකාශයක් සිදු කළා.

ඉන්දීය රජය විසින් එරට තුළ ක්‍රීඩා තරග පැවැත්වීම සදහා සීමා පනවා ඇති බැවින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2009(දකුණු අප්‍රිකාවේ) සහ 2014 වසරවලදී මෙන් වෙනත් රටක පැවැත්විම සදහා කටයුතු කරනු ඇත්දැයි බොහෝ දෙනෙකු අවධානයෙන් පසුවන කරුණක්.

කෙසේ වෙතත්, ඉන්දීය ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික අරුන් ධුමාල් හින්දුස්ථාන් ටයිම්ස් වෙත ඒ සම්බන්ධයෙන් දක්වා ඇත්තේ මෙවැනි අදහසක්.

“ක්‍රීඩකයින්ගේ සහ සහභාගීවන්නන්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව අපගේ ප්‍රමුඛතාවයයි. මේ වන විට ලෝකයේම සංචාරයන් නැවතිලා තියෙන්නේ. ඉතිං අපිට මේ අවස්ථාවේ තීරණය කළ හැකි කිසිවක් නැහැ.”

Leave a comment