Ultimate magazine theme for WordPress.

අයර්ලන්ත පසුපෙල සටන අභිබවා ජොෂ්ගේ මංගල කඩුලු 5 හමුවේ එංගලන්තයට කඩුලු 10 ජයක්

Match Report

සිය මංගල ටෙස්ට් තරගයේ දී ම ජොෂ් ටොන්ග් දවා ගත් කඩුලු 5 හමුවේ අයර්ලන්තය සමග පැවැති සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගය තෙවැනි දිනයේ දී ම අවසන් කරමින් කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම අද(3) සමත් වුණා.

ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා එංගලන්තයට දෙවැනි ඉනිමේ දී ලකුණු 11 ක ඉලක්කයක් හිමි වූ අතර, සැක් ක්‍රව්ලි එංගලන්ත ඉනිමේ පළමු පන්දු 4 තුළ දී හතරේ පහර 3ක් එල්ල කරමින් තරගයේ ජය සිය කණ්ඩායමට තහවුරු කර දුන්නා.

දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි අයර්ලන්තය කඩුලු 3ක් දැවී ලකුණු 97 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 362 ක්.

හැරී ටෙක්ටර් ලකුණු 51 ක් හා ලෝකන් ටකර් ලකුණු 44 ක් ලබා ගත්තා. 6 වැනි කඩුල්ල ලකුණු 162 දී බිද වැටුණු පසුබිමක 7 වැනි කඩුල්ල සදහා ලකුණු 163 (165) ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ඇන්ඩි මැක්බ්‍රයන් හා මාර්ක් අඩයර් සමත් වුණා.

මැක්බ්‍රයන් නොදැවී ලකුණු 86 ක් ලබා ගත්තා. අඩයර් පන්දු 76 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 88 ක්. පන්දු යැවීමේ දී ජොෂ් ටොන්ග් කඩුලු 5 ක් බිද හෙලුවේ ලකුණු 66 ක් ලබා දෙමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය සියලු දෙනා දැවී ලකුණු 172 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස එංගලන්තය සිය පළමු ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 524 ක් ලබා ගත්තා. එංගලන්ත ඉනිම වෙනුවෙන් ඔලී පෝප් ලකුණු 205 ක් රැස් කළා. බෙන් ඩකට් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 182 ක්.

Leave a comment