Ultimate magazine theme for WordPress.

අමිල අපොන්සු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සමු දෙයි

ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක අමිල අපොන්සු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සමු දීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔහු අමෙරිකා එක්සත් ජනපදයේ සිට ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමටයි තීරණය කර ඇත්තේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 10කට සහ 20යි 20 තරග 4කට ඔහු ක්‍රීඩා කර තිබුණා.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සමු දීමට අමිල අපොන්සු ගත් තීරණය ඔහුගේ ක්‍රීඩා සමාජය වූ රාගම ක්‍රීඩා සමාජය අද සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කළා.

මීට පෙර ශෙහාන් ජයසූරිය ද මෙලෙස ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කළේ අමෙරිකාවේ සිට ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ අරමුණින්.

Leave a comment