ෆෆ් ඩු ප්ලෙසිස් LPL තරගාවලියෙන් ඉවත් වෙයි

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි දකුණු අප්‍රිකානු සුපිරි පිතිකරු ෆෆ් ඩු ප්ලෙසිස්ට මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.
ඒ, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් රැසක කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් පැතිර යාමත් සමග ඇතිව තිබෙන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්.
වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට දකුණු අප්‍රිකාවට පැමිණෙන හා දකුණු අප්‍රිකාවෙන් පිටත්ව යන බොහෝ ගුවන් ගමන් ද අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා.
තරගාවලියෙන් ඉවත් වීමට සිදු වීම සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කරමින් ෆෆ් ඩු ප්ලෙසිස් විසින් නිවේදනයක් ද නිකුත් කළා. (නිවේදනය පහතින්)
එල්.පී.එල් තරගාවලිය හෙට(5) කොළඹ දී ආරම්භ වීමට නියමිතයි.
Statement from @faf1307 on his withdrawal from the @LPLT20 pic.twitter.com/qfn5m3HPin
— Jaffna Kings (@KingsJaffna) December 4, 2021