ෆර්ගියුසන් ලෝක කුසලානයෙන් ඉවතට

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ලුකී ෆර්ගියුසන්ට මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඒ, ඔහුගේ පාදයක ඇති වූ ආබාධයක් හේතුවෙන්.
නවසීලන්තය මෙවර තරගාවලිය යටතේ ක්‍රීඩා කරන පළමු තරගය මෙරට වේලාවෙන් අද(26) රාත්‍රී 7.30ට පාකිස්තානයට එරෙහිව ආරම්භ වූ අතර, එම තරගය ආරම්භ වීමට පැයකටත් අඩු කාලයකදීයි නවසීලන්තය මේ බව නිවේදනය කළේ.
ඒ අනුව ඔහු වෙනුවට ඇඩම් මිල්න් නවසීලන්ත සංචිතයට කැදවා තිබෙනවා.
ඔහු සංචිතයේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙසයි මෙතෙක් රැදී සිටියේ.