ෆර්ගසන්ගේ නායකත්වයෙන් නවසීලන්ත එක්දින සංචිතය නම් කෙරේ

බංග්ලාදේශයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය නිවේදනය කර තිබෙනවා.
මෙම සංචාරය සදහා ප්‍රබල ක්‍රීඩකයින් රැසක් නොමැතිව නවසීලන්ත සංචිතය නම් කර ඇති අතර, කණ්ඩායමේ නායකයා ලෙස පත් කර ඇත්තේ ලොකී ෆර්ගසන්.
එංගලන්ත තරග සංචාරයෙන් පසුව නවසීලන්ත කණ්ඩායම බංග්ලාදේශ සංචාරයේ නිරත වන අතර, අනතුරුව ලෝක කුසලාන තරගාවලිය ද ආරම්භ වීමට නියමිතව ඇති බැවින් මෙම තරගාවලියෙන් ප්‍රබල ක්‍රීඩකයින් රැසක් විවේක ගන්වා තිබෙනවා.
ආබාධයකට ලක් වූ නිත්‍ය නායක කේන් විලියම්සන් මෙම සංචිතයට ද නම් කර නැහැ.
වැඩබලන නායක ටොම් ලේතම්, ඩෙවෝන් කොන්වේ, ග්ලේන් පිලිප්ස්, ඩැරල් මිචෙල්, මිචෙල් සැන්ට්නර්, මැට් හෙන්රි හා ටිම් සවුති යන ක්‍රීඩකයින් ද විවේක ගැන්වීමටයි පියවර ගෙන ඇත්තේ.
මාර්ක් චැප්මන් හා ජේම්ස් නීෂම් පෞද්ගලික හේතූන් මත මෙම සංචාරයට එක් වන්නේ නැහැ. මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති Dean Foxcroft ද සංචිතයට ඇතුළත්.
දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 21, 23 හා 26 යන දිනවලදී ඩකා හී දී පැවැත්වීමට නියමිතයි.
NZ Squad:
Lockie Ferguson (C), Finn Allen, Tom Blundell, Trent Boult. Chad Bowes, Dane Cleaver, Dean Foxcroft, Kyle Jamieson, Cole McConchie, Adam Milne, Henry Nicholls, Rachin Ravindra, Ish Sodhi, Blair Tickner, Will Young