Ultimate magazine theme for WordPress.

හෙටින් ඇරඹෙන සුපිරි 6 වටයේ සමස්ත තරග කාලසටහන මෙන්න

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 වටයේ තරග හෙට(29) සිට ආරම්භ වනවා.

සුපිරි 6 වටයේ පළමු තරගය හෙවෙත් මෙවර තරගාවලියේ 21 වැනි තරගය හෙට පැවැත්වෙන්නේ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ඕමානය අතරයි. එම තරගය මෙරට වේලාවෙන් දහවල් 12.30ට බුලවායෝ හී දී ආරම්භ වීමට නියමිතයි.

සුපිරි 6 වටය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය අනිද්දා(30) පැවැත්වෙන්නේ නෙදර්ලන්තයට එරෙහිවයි.

සුපිරි 6 වටය හෙට ආරම්භ වන නමුත්, මූලික වටයේ දී තම කාණ්ඩයෙන් සුපිරි 6 වටයට සුදුසුකම් ලැබූ සෙසු කණ්ඩායම් දෙකට එරෙහිව ලබා ගත් ප්‍රසාද ලකුණු හා ශුද්ධ ලකුණු වේගය (net run rate) ද සෑම කණ්ඩායමක් විසින්ම සුපිරි 6 වටය සදහා රැගෙන යනවා.

ඒ අනුව සුපිරි 6 වටයේ වත්මන් ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව එහි පෙරමුණ හිමි කර ගෙන සිටින්නේ B කාණ්ඩයෙන් සුපිරි 6 වටයට සුදුසුකම් ලැබූ සෙසු රටවල් දෙක වන ඕමානයට හා ස්කොට්ලන්තයට එරෙහිව ලැබූ ජයග්‍රහන හේතුවෙන්.

සිම්බාබ්වේ කණ්ඩායම දෙවැනි ස්ථානයේ රැදී සිටිනවා. ඒ, A කාණ්ඩයෙන් ඔවුන් සමග සුපිරි 6 වටයට සුදුසුකම් ලැබූ සෙසු රටවල් දෙක වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හා නෙදර්ලන්තයට එරෙහිව ලැබූ ජයග්‍රහන හේතුවෙන්.

සුපිරි 6 වටයේ තරග කාලසටහන හා ප්‍රසාද ලකුණු සටහන පහතින් –

[event_blocks 47874]

[team_standings 47779]