හෙටින් ඇරඹෙන ශ්‍රී ලංකා – අයර්ලන්ත තරගාවලිය නරඹන්නේ මෙහෙමයි
ශ්‍රී ලංකා කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
පෙරවරු 10ට ගාල්ලේ දී ආරම්භ වන තරගය සදහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතින අතර, තරගාවලියේ විකාශන කටයුතු සිදු වන ආකාරය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(15) නිවේදනය කළා.
තරගාවලියේ දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමි කර ගෙන ඇත්තේ TV One නාලිකාවයි (සිරස මාධ්‍ය ජාලය).
එමෙන්ම Ten Cricket නාලිකාව හරහා ද තරගාවලියේ සජීවී විකාශය නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට උදා වනවා.
තවද ශ්‍රී ලංකා ක්‍රිකට් යූ ටියුබ් නාලිකාව හරහා ද තරගාවලිය සජීවීව නැරඹිය හැකියි.
තරගාවලිය ලොව පුරා විකාශය කෙරෙන අයුරු –
Broadcasting Platforms
Sri Lanka (Pay): Dialog & IPTV – SLT
Sri Lanka Free-To-Air (TV) – TV One
Sri Lanka Digital: SLC Official YouTube Channel
Sri Lanka Radio: SLBC
UK: Discovery (TV & Digital)
Republic of Ireland: Premier Sports (TV) & Clubber (digital)
India: Sony Sports Ten 5 & Sony LIV
Pakistan: Ten Sports Pakistan + Sony LIV
Rest of sub-continent minus India & Pakistan: Ten Cricket + Sony Liv
United States: WillowTV (TV & Digital)
Middle East and North Africa: eVision (via the CricLife channel – digital) & Etisalat (TV)
US: Willow TV (TV & Digital)
In addition to the above, Sony LIV will broadcast in the below markets
Malaysia, Hongkong, Indonesia, Philippines, Thailand, Australia, New Zealand, Singapore, Germany, Switzerland, Norway, Netherlands, Spain, France, Italy, Portugal, Ireland, Austria, Sweden, Belgium, Denmark, Finland, Greece,
Poland