Ultimate magazine theme for WordPress.

හෙටින් ඇරඹෙන ආසියානු කුසලානය ගැන ඔබ දැන ගත යුතු සියලු තොරතුරු මෙන්න

තරගාවලියේ ඉතිහාසය, කාණ්ඩ, සජීවී විකාශය, වේලාවන්, සංචිත හා කාලසටහන මෙන්න

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේ දී හා ශ්‍රී ලංකාවේ දී ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානමින් පවතිනවා. තරගාවලිය හෙට(30) සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පැවැත්වෙන අතර, තරගාවලියට තරග 13 ක් ඇතුළත්.

තරගාවලියේ සමාරම්භක තරගය පාකිස්තානය හා නේපාලය අතර මුල්තාන් හී දී පැවැත්වීමට නියමිතයි. තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව අනිද්දා (31) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

බොහෝ දෙනෙකුගේ අවධානය දිනූ පාකිස්තානය හා ඉන්දියාව අතර තරගය මහනුවර දී පැවැත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් දෙවැනිදායි.

ඉතිහාසය

ආසියානු කුසලාන තරගාවලි ඉතිහාසයේ පවත්වනු ලබන 16 වැනි තරගාවලිය වන්නේ 2023 ආසියානු කුසලාන තරගාවලියයි. ආසියානු කුසලාන තරගාවලිය පළමු වරට පවත්වනු ලැබුවේ 1984 වසරේ දී යි.

මෙතෙක් පවත්වා ඇති තරගාවලි 15 න් තරගාවලි 7 ක ශූරතාවය ඉන්දියාව (එක්දින ශූරතා 6 ක් හා 20යි 20 ශූරතා 1ක්) හිමි කර ගෙන ඇති අතර, තරගාවලි 6ක ශූරතාවය ශ්‍රී ලංකාව (එක්දින ශූරතා 5 ක් හා 20යි 20 ශූරතා 1ක්) දිනා ගෙන තිබෙනවා. පාකිස්තානය ආසියානු ශූරයින් බවට පත් වූ අවස්ථා ගණන 2ක්.

රටවල් කාණ්ඩගත වී ඇති අයුරු හා තරගාවලි ආකෘතිය

වත්මන් ආසියානු ශූර ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ඝනිස්තානය හා නේපාලය ක්‍රීඩා කරන මෙවර තරගාවලියේ මූලික වටයේ තරග කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වීමට නියමිතයි. නේපාලය ආසියානු කුසලාන තරගාවලියකට ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

පාකිස්තානය, ඉන්දියාව හා නේපාලය A කාණ්ඩයෙන් ද, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා ඇෆ්ඝනිස්තානය B කාණ්ඩයෙන් ද තරග වැදීමට නියමිතව තිබෙනවා. එක් එක් කාණ්ඩයෙන් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන රටවල් දෙක බැගින් සුපිරි 4 වටයට සුදුසුකම් ලබන අතර, සුපිරි 4 වටයේ දී ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන රටවල් දෙක අවසන් මහා තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

A කාණ්ඩය

  • ඉන්දියාව
  • පාකිස්තානය
  • නේපාලය

B කාණ්ඩය

  • ඇෆ්ඝනිස්තානය
  • බංග්ලාදේශ
  • ශ්‍රී ලංකාව

ක්‍රීඩාංගන

මෙවර තරගාවලිය සදහා ක්‍රීඩාංගන 4 ක් යොදා ගැනෙනවා. ඒ අනුව පාකිස්තානයේ මුල්තාන් ක්‍රිකට් ක්‍රීඩාංගනය හා ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගනයේ දී මෙන්ම, ශ්‍රී ලංකාවේ මහනුවර පල්ලේකැලේ හා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී තරග පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන තරග සංඛ්‍යාව 9ක්. අවසන් මහා තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී සැප්තැම්බර් 17 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මුල්තාන් හී දී පැවැත්වෙන පාකිස්තාන – නේපාල තරගය හැරුණු විට මූලික වටය යටතේ පැවැත්වෙන තවත් තරග දෙකක් වන බංග්ලාදේශ-ඇෆ්ඝනිස්තාන තරගය හා ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්තාන තරගය ලාහෝර් හී දී පැවැත්වීමට නියමිත අතර, සුපිරි 4 වටයේ පළමු තරගය ද ලාහෝර් හී දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. සෙසු සියලු තරග ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතයි.

සජීවී රූපවාහිනී විකාශය හා වේලාවන්

තරගාවලියේ නිල රූපවාහිනී විකාශන අයිතිය Star Sports ආයතනය සතු වනවා. ඒ අනුව Dialog පාරිභොගිකයින්ට Star Sports 1 (නාලිකා අංක 68) හා Star Sports 1 HD (නාලිකා අංක 120) ඔස්සේ තරග නැරඹිය හැකියි.

PEOTV පාරිභෝගිකයින්ට Event TV HD (නාලිකා අංක 310) හා SD (නාලිකා අංක 20) හරහා තරගාවලිය නැරඹිය හැකි වනවා.

තරගාවලියේ මෙරට දේශීය රූපනාහිනී විකාශන අයිතිය හිමි කර ගෙන ඇත්තේ සිරස TV මාධ්‍ය ජාලයයි. ඒ අනුව තරගාවලිය TV1 නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

තරගාවලියේ සියලු තරග දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වෙන අතර, ඒ අනුව සියලු තරග මෙරට වේලාවෙන් ආරම්භ වන්නේ පස්වරු 3:00 ටයි.

සංචිත හා තරග කාලසටහන

තරගාවලියට ක්‍රීඩා කරන රටවල් හයෙන් ශ්‍රී ලංකාව හැර සෙසු සියලු කණ්ඩායම් මේ වන විට සිය සංචිත නිවේදනය කර තිබෙනවා.

  • Afghanistan squad: Hashmatullah Shahidi (c), Rahmanullah Gurbaz, Ibrahim Zadran, Riaz Hassan, Rahmat Shah, Najibullah Zadran, Mohammad Nabi, Ikram Alikhil, Rashid Khan, Gulbadin Naib, Karim Janat, Abdul Rahman, Sharafuddin Ashraf, Mujeeb ur Rahman, Noor Ahmad, Suliman Safi, Fazalhaq Farooqi
  • Bangladesh squad: Shakib Al Hasan (c), Litton Das, Najmul Hossain Shanto, Towhid Hridoy, Mushfiqur Rahim, Afif Hossain Dhrubo, Mehidy Hasan Miraz, Taskin Ahmed, Hasan Mahmud, Mustafizur Rahman, Shoriful Islam, Nasum Ahmed, Shak Mahedi Hasan, Naim Sheikh, Shamim Hossain, Tanzid Hasan Tamim, Tanzim Hasan Sakib
  • India squad: Rohit Sharma (c), Virat Kohli, Shreyas Iyer, KL Rahul, Shubman Gill, Suryakumar Yadav, Tilak Varma, Ishan Kishan, Hardik Pandya (vc), Ravindra Jadeja, Axar Patel, Shardul Thakur, Jasprit Bumrah, Mohammed Shami, Mohammed Siraj, Kuldeep Yadav, Prasidh Krishna, Sanju Samson (travelling reserve)
  • Nepal squad: Rohit Paudel (c), Kushal Bhurtel, Aasif Sheikh, Bhim Sharki, Kushal Malla, Aarif Sheikh, Dipendra Singh Airee, Gulshan Jha, Sompal Kami, Karan KC, Sandeep Lamichhane, Lalit Rajbanshi, Pratish GC, Mousom Dhakal, Sundeep Jora, Kishore Mahato, Arjun Saud
  • Pakistan squad: Babar Azam (c), Abdullah Shafique, Fakhar Zaman, Imam-ul-Haq, Salman Ali Agha, Iftikhar Ahmed, Mohammad Rizwan, Mohammad Haris, Shadab Khan, Mohammad Nawaz, Usama Mir, Faheem Ashraf, Haris Rauf, Mohammad Wasim Jnr, Naseem Shah, Shaheen Afridi, Saud Shakeel, Tayyab Tahir (travelling reserve)
  • Sri Lanka squad: To be announced

මූලික වටයේ තරග කාලසටහන 

[event_blocks 50651]

Leave a comment