Ultimate magazine theme for WordPress.

හෙටින් ඇරඹෙන ආසියානු ක්‍රිකට් සැණකෙළිය ගැන ඔබ දැන ගත යුතු සියලු තොරතුරු මෙන්න

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සැබවින්ම දෙවැනි වන්නේ අසි.සී.සී තරගාවලියකට පමණක් යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ.

අයි.සී.සීය සංවිධාන කරන ක්‍රිකට් තරගාවලියකට පසු වැඩිම කණ්ඩායම් සංඛ්‍යාවක් ක්‍රීඩා කරන ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය වන්නේ ආසියානු කුසලාන තරගාවලියයි.

ඉතිහාසය

වසර 38 කට පෙර ඇරඹි ආසියානු කුසලාන තරගාවලියේ පළමු ශූරයින් වූ ඉන්දියාව මෙතෙක් පැවැති ආසියානු කුසලාන තරගාවලි 14 න් හතකම ශූරතාවය දිනා ගැනීමට ද සමත් වුණා.

ශ්‍රී ලංකාවට ආසියානු ශූරතා 5 ක් හිමි වූ අතර, පාකිස්තානය ජය ගෙන ඇත්තේ ආසියානු කුසලානය අවස්ථා දෙකකදී පමණයි.

දින හා ක්‍රීඩාංගන

මෙවර ආසියානු කුසලාන තරගාවලිය පන්දුවාර 20යි 20 තරග රටාවෙන් පැවැත්වීමට නියමිතව ඇති අතර, තරගාවලිය හෙට(27) සිට සැප්තැම්බර් 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ දී තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණ ද, මෙරට පවතින දේශපාලනික හා ආර්ථික අර්බුදය හේතුවෙන් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමටයි ආසියානු ක්‍රිකට් කවුන්සලය තීරණය කළේ.

කෙසේ වෙතත්, තරගාවලියේ සත්කාරක අයිතිය තවදුරටත් පවතින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුවයි.

තරගාවලිය ඩුබායි හා සාජා හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

රටවල් හා තරග පැවැත්වෙන ආකාරය

තරගාවලියට රටවල් 6 ක් ක්‍රීඩා කරන අතර, එම කණ්ඩායම් කාණ්ඩ දෙකකට වෙන් කර මූලික වටයේ තරග පැවැත්වීමට නියමිතයි.

Group A: India, Pakistan, Hong Kong
Group B: Sri Lanka, Bangladesh, Afghanistan

මූලික වටයේ දී ඒ ඒ කාණ්ඩවල පළමු ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් 4 සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ගන්නවා.

සුපිරි 4 වටයේ දී එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායම් තුන සමගින් එක් තරගය බැගින් ක්‍රීඩා කිරීමට නියමිත අතර, ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

විකාශන කටයුතු 

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙරට දේශීය රූපවාහිනී විකාශන අයිතිය ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සතු වන අතර, එම මාධ්‍ය ජාලයේ වසන්තම් TV නාලිකාව ඔස්සේ තරගාවලිය සජීවීව විකාශය කිරීමට නියමිතයි.

ඊට අමතරව Star Sports නාලිකා ඔස්සේ ද තරගාවලිය සජීවීව විකාශය කෙරෙනවා.

මූලික වටයේ තරග කාලසටහන 

අගෝස්තු 27 – ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය – ඩුබායි (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ට)

අගෝස්තු 28 – ඉන්දියාව හා පාකිස්තානය – ඩුබායි (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ට)

අගෝස්තු 30 – බංග්ලාදේශය හා ඇෆ්ඝනිස්තානය – සාජා (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ට)

අගෝස්තු 31 – ඉන්දියාව හා හොංකොං – ඩුබායි (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ට)

සැප්තැම්බර් 01 – ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය – ඩුබායි (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ට)

සැප්තැම්බර් 02 – පාකිස්තානය හා හොංකොං – සාජා (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ට)

සම්පූර්ණ තරග කාලසටහන හා සියලු සංචිත – (Qualifier = Hong Kong)

ACC

Sri Lanka:

Dasun Shanaka (C), Danushka Gunathilaka, Pathum Nissanka, Kusal Mendis, Charith Asalanka, Bhanuka Rajapaksa, Ashen Bandara, Dhananjaya de Silva, Wanindu Hasaranga, Maheesh Theekshana, Jeffrey Vandersay, Praveen Jayawickrama, Chamika Karunaratne, Dilshan Madushanka, Matheesha Pathirana, Asitha Fernando, Pramod Madushan Standby: Dinesh Chandimal, Nuwanidu Fernando, Nuwan Thushara

India:

Rohit Sharma (c), KL Rahul, Virat Kohli, Suryakumar Yadav, Rishabh Pant, Deepak Hooda, Dinesh Karthik, Hardik Pandya, Ravindra Jadeja, R Ashwin, Yuzvendra Chahal, Ravi Bishnoi, Bhuvneshwar Kumar, Arshdeep Singh, Avesh Khan. Standby: Shreyas Iyer, Axar Patel, Deepak Chahar.

Pakistan:

Babar Azam (c), Shadab Khan, Asif Ali, Fakhar Zaman, Haider Ali, Haris Rauf, Iftikhar Ahmed, Khushdil Shah, Mohammad Nawaz, Mohammad Rizwan, Mohammad Wasim Jnr, Naseem Shah, Shahnawaz Dahani, Usman Qadir, Mohammad Hasnain.

Hong Kong:

Nizakat Khan (c), Kinchit Shah, Zeeshan Ali, Haroon Arshad, Babar Hayat, Aftab Hussain, Ateeq Iqbal, Aizaz Khan, Ehsan Khan, Scott McKechnie (wk), Ghazanfar Mohammad, Yasim Murtaza, Dhananjay Rao, Wajid Shah, Ayush Shukla, Ahan Trivedi, Mohammad Waheed.

Bangladesh:

Shakib Al Hasan (c), Anamul Haque, Mushfiqur Rahim, Afif Hossain, Mosaddek Hossain, Mahmudullah, Mahedi Hasan, Mohammad Saifuddin, Mustafizur Rahman, Nasum Ahmed, Sabbir Rahman, Mehidy Hasan Miraz, Taskin Ahmed, Ebadot Hossain , Parvez Hossain Emon, Mohammad Naim.

Afghanistan :

Mohammad Nabi (C), Najibullah Zadran (VC), Afsar Zazai (WK), Azmatullah Omarzai, Farid Ahmad Malik, Fazal Haq Farooqi, Hashmatullah Shahidi, Hazratullah Zazai, Ibrahim Zadran, Karim Janat, Mujib ur Rahman, Naveen ul Haq, Noor Ahmad, Rahmanullah Gurbaz (WK), Rashid Khan, Samiullah Shinwari, Usman Ghani. Standby: Nijat Masoud, Qais Ahmad, Sharafuddin Ashraf