හෙට්මයර්ට සහ ලුවිස්ට ශ්‍රී ලංකා එක්දින තරගාවලිය අහිමි වෙයි

0 817

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන බටහිර ඉන්දී්‍ය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කිරන් පොලාඩ්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

ඊට ශිම්රන් හෙට්මයර් සහ එවින් ලුවිස් නම් කර නැහැ.

ඒ, ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය සුදුසු මට්ටමක නොතිබීම හේතුවෙන්.

එක්දින සංචිතය සදහා ඩැරන් බ්‍රාවෝ යළි කැදවා තිබීම විශේෂත්වයක්.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 22 වනදා ආරම්භ වීමට නියමිතයි.

Full squad:

  • Kieron Pollard (C), Fabian Allen, Sunil Ambris, Darren Bravo, Roston Chase, Sheldon Cottrell, Jason Holder, Shai Hope, Alzarri Joseph, Brandon King, Keemo Paul, Nicholas Pooran, Rovman Powell, Romario Shepherd, Hayden Walsh Jnr.
You might also like

Leave A Reply

Your email address will not be published.