Ultimate magazine theme for WordPress.

හිටපු මුම්බායි පිතිකරු ඉන්දීය කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට

ඉන්දීය හිටපු පළමු පෙල ක්‍රීඩකයෙකු වන Amol Muzumdar එරට කාන්තා ජාතික කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

2022 වසරේ දෙසැම්බර් මාසයේ සිට එම ධූරය පුරප්පාඩු වී පැවතුණේ Ramesh Powar පුහුණුකරු ධුරයෙන් ඉවත් කිරීමට එරට ක්‍රිකට් ආයතනය ගත් තීරණය හේතුවෙන්.

එතැන් සිට Hrishikesh Kanitkar තරගාවලි රැසකදී වැඩබලන පුහුණකරු ලෙස කටයුතු කළ අතර, බංග්ලාදේශ සංචාරයේ දී Nooshin Al Khadeer එම ධූරය හොඹවනු ලැබුවා.

නව පුහුණුකරු Muzumdar පළමු පෙල තරග 171 කදී ලකුණු 11,167 ක් රැස් කිරීමට සමත් වුණා. ඊට ශතක 30 ක් ද ඇතුළත්.

නමුත්, ඔහුට ඉන්දියාව වෙනුවෙන් කිසිදු තරගයක් ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ. මුම්බායි කණ්ඩායම සමග Ranji කුසලානය 8 වරක් ජය ගැනීමට ද Muzumdar ට හැකියාව ලැබුණා.