Ultimate magazine theme for WordPress.

හසරංග නොමැතිව ලෝක කුසලාන සංචිතය නිල වශයෙන් නිවේදනය කෙරේ

ADVERTISEMENT

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යංශයෙන් අනුමත කර ඇති බවට මීට පෙර වාර්තා වූ සංචිතයට ඇතුළත්ව සිටි වනිදු හසරංග මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔහු තවදුරටත් ආබාධයකින් සුවය ලබමින් සිටින බැවින් වනිදුව මෙම සංචිතය සදහා නම් නොකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

කෙසේ වෙතත්, ඔහුගේ තත්ත්වය ඉදිරියටත් අධීක්ෂණය කරමින් සිටින බවත්, ඔහුට ක්‍රීඩා කළ හැකි බවට වෛද්‍ය නිර්දේශ ලැබුණහොත් හා ලෝක කුසලාන තරගාවලිය අතරතුර දී ක්‍රීඩකයෙකු ආබාධයකට ලක්වුවහොත් එම ක්‍රීඩකයා වෙනුවට වනිදු හසරංග සංචිතයට ආදේශ කිරීමට කටයුතු කරන බවත් ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

වනිදු වෙනුවට මේ වන විට සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන ඇත්තේ දුෂාන් හේමන්ත.

ආබාධ හේතුවෙන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි වූ ලහිරු කුමාර හා ඩිල්ෂාන් මදුෂංක ද ලෝක කුසලාන තරගාවලිය සදහා නම් කර ඇතත්, ආබාධයකට ලක්ව සිටි දුෂ්මන්ත චමීර සංචිතය සදහා නම් කර නැහැ.

ආබාධයක් නිසා ආසියානු කුසලාන තරගාවලියේ අවසන් තරගයට ක්‍රීඩා නොකළ මහීෂ් තීක්ෂණ ද ලෝක කුසලාන සංචිතය සදහා නම් කර තිබෙනවා.

ආසියානු කුසලාන තරගාවලිය සදහා නම් කෙරුණු ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි ප්‍රමෝද් මදුෂාන් හා බිනුර ප්‍රනාන්දුට සංචිතයේ ස්ථාන අහිමි වී ඇති අතර, අතිරේක ක්‍රීඩකයෙකු ලෙස චාමික කරුණාරත්න නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔක්තෝබර් 5 වැනිදා ඉන්දියාවේ දී ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 7 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව දිල්ලි හී දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 29 වැනිදා හා එළඹෙන 3 වැනිදා පිළිවෙලින් බංග්ලාදේශයට හා ඇෆ්ඝනිස්තානයට එරෙහිව පුහුණු තරග ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (26) රාත්‍රියේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

Sri Lanka squad:

Dasun Shanaka (C), Kusal Mendis (VC), Kusal Perera, Pathum Nissanka, Dimuth Karunaratne, Sadeera Samarawickrama, Charith Asalanka, Dhananjaya de Silva, Dushan Hemantha, Maheesh Theekshana, Dunith Wellalage, Kasun Rajitha, Matheesha Pathirana, Lahiru Kumara, Dilshan Madushanka

Travelling Reserve : Chamika Karunaratne

Show Comments (1)