Ultimate magazine theme for WordPress.

හසන් අලී ටෙස්ට් සංචිතයට යළි කැදවයි

වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලී යළි පාකිස්තාන ටෙස්ට් සංචිතයට කැදවීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

නවසීලන්ත කණ්ඩායමේ එළඹෙන පාකිස්තාන තරග සංචාරයට අයත් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතයටයි ඔහුව මෙලෙස කැදවා ඇත්තේ.

මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති මැද පෙල පිතිකරු කම්රාන් ගුලාම් ද ටෙස්ට් සංචිතයට නම් කර තිබෙනවා.

20යි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේ දී දණහිසක ආබාධයකට ලක් වූ ශහීන් ශාහ් අෆ්රිඩි තවදුරටත් එම ආබාධයෙන් සුවය ලබමින් සිටින බැවින් මෙම තරගාවලිය සදහා ද ඔහුව නම් කර නැහැ.

ආබාධයක් හේතුවෙන් එංගලන්තය සමග පැවැති අවසන් ටෙස්ට් තරග දෙක සදහා ක්‍රීඩා නොකළ නසීම් ශාහ් ද සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත් හැරිස් රවුෆ් එම තරගයේ දී ගොදුරු වූ ආබාධයක් හේතුවෙන් අවසන් ටෙස්ට් තරග දෙක සදහා ක්‍රීඩා නොකළ අතර, ඔහුට නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය ද අහිමි වී තිබෙනවා.

පාකිස්තාන – නවසීලන්ත ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් 26 වැනිදා කරච්චි හී දී ආරම්භ වීමට නියමිතයි.

Pakistan Test squad:

Babar Azam, Abdullah Shafique, Abrar Ahmed, Hasan Ali, Imam-ul-Haq, Kamran Ghulam, Mohammad Nawaz, Mohammad Rizwan, Mohammad Wasim Jnr, Naseem Shah, Noman Ali, Sarfaraz Ahmed, Salman Ali Agha, Saud Shakeel, Shan Masood and Zahid Mehmood