හෂීම් අම්ලා ක්‍රිකට් පිටියට සමු දෙයි
දකුණු අප්‍රිකානු හිටපු සුපිරි පිතිකරු හෂීම් අම්ලා ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
2019 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමෙන් පසුව ඔහු එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමක් වන සරේ කණ්ඩායම සදහා ක්‍රීඩා කළ නමුත්, ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට ඔහු ගත් මෙම තීරණයත් සමග 2023 වසරේ දී හෂීම් අම්ලා එම කණ්ඩායම සදහා ද ක්‍රීඩා නොකරනු ඇති.
2013 හා 2014 වසරවලදී ද අම්ලා සරේ කණ්ඩායම නියෝජනය කළා. ඔහු කොල්පැක් ගිවිසුමක් අත්සන් කරමිනුයි 2019 වසරෙන් පසුව සරේ කණ්ඩායම නියෝජනය කළේ.
පසුගිය තරග වාරයේ දී හෂීම් අම්ලා ලකුණු 700 කට අධික ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීමට සමත් වුණේ ඉනිමක සාමාන්‍ය ලකුණු 40 කට ආසන්න අගයක් සටහන් කරගනිමින්.