Ultimate magazine theme for WordPress.

හර්ෂිතාගේ නොදැවුණු අර්ධ ශතකයෙන් පසු පළමු එක්දින තරගය වැස්සට සේදෙයි

Match Report

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් අද(4) ප්‍රතිපලයකින් තොරව නිමා වුණා.

නේපියර්හීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 36.4 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 147 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. අනතුරුව තරගය යළි ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ.

හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 66 ක් ලබා සිටියේ පන්දු 96 කට මුහුණ දෙමින්. ඇයගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත්ව තිබුණා.

විශ්මි ගුණරත්න ලකුණු 30 කටත්, චමරි අතපත්තු ලකුණු 9කටත් දැවී ගියා.

පන්දු යැවීමේදී Bree Illing ලකුණු 42 කට කඩුලු 2 ක් දවා ගත්තා.

දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින තරගාවලියේ දෙවැනි තරගය එළඹෙන 7 වැනිදා නෙල්සන්හීදි පැවැත්වීමට නියමිතයි.