හම්බන්තොට හා කොළඹ එක්දින තරග 3 නොමිලේ
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ඇෆ්ඝනිස්තානය හා පාකිස්තානය අතර තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය නොමිලේ නැරඹීම සදහා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලබා දී ඇති බව ඇෆ්ඝනිස්තාන හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන අද(18) නිවේදනය කළා.
තරගාවලිය සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් මේ වන විටත් ඇෆ්ඝනිස්තාන හා පාකිස්තාන කණ්ඩායම් දිවයිනට පැමිණ තිබෙනවා.
එක්දින තරගාවලිය අගෝස්තු 22 වැනිදා සිට මෙරට ක්‍රීඩාංගන දෙකකදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
දෙවැනි එක්දින තරගය අගෝස්තු 24 වැනිදා ද, තෙවැනි එක්දින තරගය අගෝස්තු 26 වැනිදා ද පැවැත්වීමට නියමිතයි.
පළමු එක්දින තරග දෙක හම්බන්තොට දී පැවැත්වීමට නියමිත අතර, තෙවැනි හා අවසන් එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ද මෙම එක්දින තරගාවලිය අවසන් වී දින 4කින්, එනම් අගෝස්තු 30 වැනිදා සිට පාකිස්තානයේ දී හා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතයි.
The ENTRY is FREE! 🤩
The Cricket Fans and Spectators in Hambantota and Colombo are permitted to enjoy free entry to the stadiums to watch the Super Cola Cup Afghanistan vs Pakistan three-match ODI series 2023, powered by Marhaba Auctions. 👍🏏
The first two matches of the… pic.twitter.com/tc7DEu29o9
— Sri Lanka Cricket 🇱🇰 (@OfficialSLC) August 18, 2023