සෞරව් ගංගුලි යළි රෝහල් ගත කෙරේ

ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති හා ඉන්දීය කණ්ඩායමේ හිටපු නායකයෙකු වන සෞරව් ගංගුලිට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.
ඒ අනුව ඊයේ(27) රාත්‍රී කාලයේ දී ඔහු රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙස එම පියවර ගෙන ඇති බව සදහන්.
49 හැවිරිදි ගංගුලි කොරෝනා වෛරසයට එරෙහි එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇති පසුබිමකයි ඔහුට වෛරසය ආසාදනය වී මෙලෙස රෝහල් ගත කර ඇත්තේ.
ඔහු මෙම වසර මුලදී දෙවරක් රෝහල් ගත කිරීමට ද පියවර ගෙන තිබුණේ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන්.
මීට පෙර සෞරව් ගංගුලිගේ වැඩිමහල් සහෝදරයාට ද කොවිඩ් 19 ආසාදනය වී තිබුණා.