Ultimate magazine theme for WordPress.

සොහාන්ගේ ශතකය හා පසිදුගේ 95* ගාල්ලට ප්‍රබල ආරම්භයක් ගෙනෙයි

Day 1 Report

ජාතික සුපිරි ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ (National Super League 4-Day Tournament) අවසන් පූර්ව වටයේ තරග අද(23) ආරම්භ වුණා.

පළමු අවසන් පූර්ව තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන්නේ ගාල්ල කණ්ඩායම හා මහනුවර කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ගාලු කණ්ඩායම තරගයේ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, පළමු දිනය සදහා තරගය අත්හිටුවන විට ඔවුන් කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 356 ක්.

ආරම්භක පිතිකරු සොහාන් ද ලිවේරා ලකුණු 133 ක් රැස් කළේ හතරේ පහර 12 ක් ද සමගින්. සංගීත් කුරේ ලකුණු 27 කට දැවී ගියා. ලක්ෂාන් ඉදිරිසිංහ ලකුණු 49 යි.

පසිදු සූරියබණ්ඩාර නොදැවී ලකුණු 95 ක් ද, දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 31 ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී අම්ශි ද සිල්වා, ලසිත් ඇඹුල්දෙණිය හා සචිත්‍ර පෙරේරා කඩුල්ල බැගින් බිද හෙලුවා.