Ultimate magazine theme for WordPress.

සුපිරි 4 වටයට සුදුසුකම් ලබන්න ඇෆ්ඝනිස්තානයට ලද අභියෝගය මෙන්න

ADVERTISEMENT

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය ජය ගැනීම සදහා ඇෆ්ඝනිස්තානයට ලකුණු 292 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඒ, පාකිස්තානයේ ලාහෝර් නුවර පැවැත්වෙන මෙම තරගයේ කාසි‌යේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 291 ක් රැස් කිරීමත් සමගයි.

කෙසේ වෙතත්, තරගාවලියේ සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ගැනීමටනම් ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට මෙම තරගයේ ජය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ.

ඒ සදහා ඔවුන් ලකුණු 292 ක ඉලක්කය පන්දුවාර 37.1 ක් තුළ හඹා යාම අනිවාර්යය වනවා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අංක 3 පිතිකරු වූ කුසල් මෙන්ඩිස් පන්දු 84 කින් ලකුණු 92 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 6 ක් ඇතුළත්.

පැතුම් නිස්සංක ලකුණු 41 ක් හා දිමුත් කරුණාරත්න ලකුණු 32 ක් රැස් කරමින් මුල් පෙල ශක්තිමත් කළා. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ගොඩ  සම්බන්ධතාවය ලකුණු 63 ක්.

චරිත් අසලංක ලකුණු 36 යි. චරිත් හා මෙන්ඩිස් අතර සිව්වැනි කඩුල්ලට ලකුණු 102 (99) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙස දසුන් ශානක ලකුණු 5කට දැවී යාමෙන් පසුව 8 වැනි කඩුල්ල සදහා දුනිත් වෙල්ලාලගේ හා මහීෂ් තීක්ෂණ ලකුණු 64 (63) ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට සමත් වුණා.

දුනිත් නොදැවී ලකුණු 33(39) යි. තීක්ෂණ ඉනිමේ අවසන් පන්දුවේ දී දැවී ගියේ ලකුණු 28(24) ක් ලබා සිටියදීයි.

පන්දු යැවීමේ දී ගුල්බදීන් නයිබ් ලකුණු 60 කට කඩුලු 4 ක් දවා ගත්තා. රෂීඩ් ඛාන් කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 63 ක් ලබා දෙමින්.

Leave a comment