සුපිරි හඹා යාමකින් පසු කැපිටල්ස් අවසන් තරගයට සුදුසුකම් ලබයි
Match Report

විශිෂ්ඨ ලකුණු හඹා යාමක් සමග ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියා කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.
අවසන් වටයේ පළමු තරගයෙන් (Qualifier) භිල්වාර කිංග්ස් කණ්ඩායම කඩුලු 4 කින් පරාජයට පත් කරමිනුයි ඔවුන් එළඹෙන බදාදා(5) පැවැත්වෙන අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගත්තේ.
ඉන්දියාවේ ජෝද්පූර් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කිංග්ස් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 226 ක් රැස් කළා.
ශේන් වොට්සන් ලකුණු 65 (39) ක් ද, විලියම් පෝර්ටර්ෆීල්ඩ් ලකුණු 59 (37) ක් ද, යුසුෆ් පතාන් ලකුණු 48(24) ක් ද, රජේෂ් බිෂ්නෝයි ලකුණු 36(11) ක් ද ලබා ගත්තා.
පන්දු යැවීමේ දී මිචෙල් ජොන්සන් ලකුණු 51 කට කඩුලු 2ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 19.3 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
රෝස් ටේල්ර් පන්දු 39 කින් වේගවත් ලකුණු 84 ක් රැස් කළ අතර, ඈෂ්ලි නර්ස් පන්දු 28 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 60 ක්.
පන්දු යැවීමේ දී ෆිදෙල් එඩ්වර්ඩ්ස් ලකුණු 54 කට කඩුලු 2 ක් බිද හෙලුවා.
අවසන් වටයේ දෙවැනි තරගය (Eliminator) අද පැවැත්වෙන්නේ ඊයේ තරගයෙන් පරාජයට පත් වූ භිල්වාර කිංග්ස් කණ්ඩායම හා ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායම අතරයි.
Some heated moments between Johnson and Pathan during @llct20 knock-outs. pic.twitter.com/xQR3PtsWuY
— Johns. (@CricCrazyJohns) October 3, 2022