සුපිරි ශතකයෙන් පසු ප්‍රහාරාත්මක පිතිකරුවා ශ්‍රී ලංකාවට එරෙහිව කැදවයි

එංගලන්ත ප්‍රහාරාත්මක පිතිකරු ටොම් බැන්ටන් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සදහා කැදවා තිබෙනවා.
ඒ, එංගලන්ත ප්‍රාන්ත 20යි 20 තරගාවලියේ දී සමර්සෙට් කණ්ඩායම නියෝජනය කරමින් ඔහු දැක් වූ දක්ෂතා හේතුවෙන්.
බැන්ටන් පසුගිය 28 වනදා කෙන්ට් කණ්ඩායමට එරෙහි තරගයේ දී පන්දු 51කින් ලකුණු 107ක් නොදැවී රැස් කළා.
ඔහුගේ ඉනිම හයේ පහර 7කින් සහ හතරේ පහර 8කින් වර්ණවත් වී තිබුණා.
දෙරට අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස අද(1) පැවැත්වෙන අතර, තෙවන හා අවසන් එක්දින තරගය ලබන 4 වනදා බ්‍රිස්ටල් හී දී පැවැත්වීමට නියමිතයි.