සුපිරි පාකිස්තාන ක්‍රීඩකයා නවසීලන්තයට එරෙහිව කැදවයි
නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත එක්දින හා 20යි 20 තරගාවලි සදහා ප්‍රබල පාකිස්තාන සංචිතයක් නම් කිරීමට පාකිස්තාන තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.
2022 වසරේ පැවැති පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කළ වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් අෆ්රිඩි යළි ජාතික සංචිතයට කැදවා තිබීම විශේෂත්වයක්.
දණහිසක ආබාධයක් හේතුවෙනුයි ඔහුට එලෙස 20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් තරග සදහා ක්‍රීඩා කිරීමට නොහැකි වූයේ.
නිමා වූ ඇෆ්ඝනිස්තාන තරගාවලියෙන් විවේක ගන්වා සිටි බාබර් අසාම් හා මොහමඩ් රිස්වාන් නවසීලන්තයට එරෙහි තරගාවලි සදහා නම් කර තිබෙනවා.
නවසීලන්ත කණ්ඩායමේ පාකිස්තාන සංචාරයට 20යි 20 තරග 5 ක් හා එක්දින තරග 5 ක් ඇතුළත් අතර, 20යි 20 තරගාවලිය අප්‍රේල් 14 වැනිදා ලාහෝර් හී දී ද, එක්දින තරගාවලිය අප්‍රේල් 26 වැනිදා රාවල්පින්ඩි හී දී ද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
T20I squad:
Babar Azam (c), Shadab Khan (vc), Faheem Ashraf, Fakhar Zaman, Haris Rauf, Iftikhar Ahmed, Ihsanullah, Imad Wasim, Mohammad Haris, Mohammad Nawaz, Mohammad Rizwan, Naseem Shah, Saim Ayub, Shaheen Shah Afridi, Shan Masood and Zaman Khan
ODI squad:
Babar Azam (c), Shadab Khan (vc), Abdullah Shafique, Fakhar Zaman, Haris Rauf, Haris Sohail, Ihsanullah, Imam-ul-Haq, Mohammad Nawaz, Mohammad Rizwan, Mohammad Wasim Jnr, Naseem Shah, Salman Ali Agha, Shaheen Shah Afridi, Shan Masood and Usama Mir. Reserves: Abbas Afridi, Abrar Ahmed and Tayyab Tahir.