සුපිරි දග පන්දු යවන්නා කැදවමින් ඉන්දීය එක්දින සංචිත නම් කෙරේ
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් එක්දින තරගාවලිය වන්නේ මෙම තරගාවලියයි.
ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිත අද(18) නිවේදනය කෙරුණා.
පළමු එක්දින තරග දෙක සදහා කේ.එල් රාහුල්ගේ නායකත්වයෙන් යුත් සංචිතයක් ද, අවසන් එක්දින තරගය සදහා නිත්‍ය නායක රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් සංචිතයක් ද නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ආර්.අශ්වින් හා වොෂින්ටන් සුන්දර් තරග 3 සදහාම නම් කර ඇති අතර, පළමු තරග දෙකෙන් රෝහිත් ෂර්මා, විරාත් කෝලි, හර්ඩික් පාන්ඩ්යා හා කුල්දීප් යාදව් විවේක ගන්වා තිබෙනවා.
රුටුරාජ් ගයික්වඩ්, තිලක් වර්මා හා ප්‍රසිද් ක්‍රිෂ්නා ද පළමු තරග දෙක වෙනුවෙන් නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් එක්දින තරගාවලිය වන්නේ මෙම තරගාවලියයි.
තෙවැනි හා අවසන් එක්දින තරගය සදහා වන සංචිතයට ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන සියලු ක්‍රීඩකයින් ඇතුළත්ව ඇති අතර, ඔවුන්ට අමතරව එම සංචිතයට ඇතුළත්ව ඇත්තේ අශ්වින් හා සුන්දර් පමණයි.
අශ්වින් ඉන්දියාව වෙනුවෙන් එක්දින තරගයක් අවසන් වරට ක්‍රීඩා කර ඇත්තේ 2022 වසරේ ජනවාරි මාසයේ දී වීම විශේෂත්වයක්.
ආසියානු කුසලාන තරගාවලියේ දී ආබාධයකට ලක් වූ අක්සාර් පටෙල් තෙවැනි එක්දින තරගයට නම් කර ඇතත්, සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවුවහොත් පමණක් ඔහු එම තරගය සදහා වන තේරීම් වෙනුවෙන් සලකා බලනු ඇති.
ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පළමු එක්දින තරගය එළඹෙන සිකුරාදා (22 වැනිදා) මොහාලි හී දී පැවැත්වීමට නියමිතයි.
Squad for the 1st two ODIs:
KL Rahul (C & WK), Ravindra Jadeja (Vice-captain), Ruturaj Gaikwad, Shubman Gill, Shreyas Iyer, Suryakumar Yadav, Tilak Varma, Ishan Kishan (wicketkeeper), Shardul Thakur, Washington Sundar, R Ashwin, Jasprit Bumrah, Mohd. Shami, Mohd. Siraj, Prasidh Krishna
Squad for the 3rd & final ODI:
Rohit Sharma (C), Hardik Pandya, (Vice-captain), Shubman Gill, Virat Kohli, Shreyas Iyer, Suryakumar Yadav, KL Rahul (wicketkeeper), Ishan Kishan (wicketkeeper), Ravindra Jadeja, Shardul Thakur, Axar Patel, Washington Sundar, Kuldeep Yadav, R Ashwin, Jasprit Bumrah, Mohd. Shami, Mohd. Siraj