සුපිරි ටෙනිස් ක්‍රීඩිකාව RCB කණ්ඩායම සමග එක් වෙයි
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පළමු වරට සංවිධාන කරන කාන්තා ප්‍රිමියර් ලීග් (Women’s Premier League) (WPL) ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ උපදේශකවරිය ලෙස මෑතකදී ක්‍රීඩාවෙන් සමු ගැනීම නිවේදනය කළ ටෙනිස් ක්‍රීඩිකා සානියා මිර්සා පත් කර තිබෙනවා.
කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ ඔස්ට්‍රේලියානු ජාතික Ben Sawyer.
ඔහු මේ වන විට නවසීලන්ත කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කරනවා.
කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස Malolan Rangarajan ද, පන්දු රැකීමේ පුහුණුකාරිණිය ලෙස VR Vanitha ද පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
තරගාවලිය මාර්තු 4 වැනිදා මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන අතර, මාර්තු 26 වැනිදා දක්වා කණ්ඩායම් පහකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි.